මිතුරන්ගේ සහයෙන් මව් බිමට



සෞදි අරාබියේ නැගෙනහිර පළාත එක්තරා ආයතනයක් වසර ගණනාවක් රැකියාව කරමින් සිට කුමන හෝ ගැටලුවක් මත ආයතනයෙන් බැහැරව තානාපති අංශ වෙත පැමිණි මහරගම පන්සල පාර අංක 156/c දරන ලිපිනයේ පදින්ච්ව සිටි දෙදරු පියෙක්වූ වයස 53 ඉක්මවූ දොන් ධර්මප්‍රිය ගුනවර්ධන නමැති අය නැගෙනහිර කලාපිය තානාපති සම්බන්දතා සුබසාදක චාලි තලයරත්න මහතාගේ මැදිහත්වීම මතදින කිහිපයක් තුලදී සියලු නිත්‍යානුකුල ලිපිලේඛන සහතාවකාලික ගමන් බලපත්‍රයලබා දුන්නේ මිට සති කිහිපයකට පෙරය.

කෙසේවුවද මෙම කාලසීමාව තුලදී ඔහුගේ ශරීරයේ හටගත් තදබලරෝගීතත්වයක් හේතුවෙන්දින කිහිපයක්ම් කිසියම් ස්ථානයක විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් ඔහුසේ සහයට ඉන්දියානුතානාපති කාර්යාලයට අනුයුක්තව සුභසාදන කටයුතු මෙහෙයවන ඉන්දියානු ජාතික නාස් ශාවුකාත් අලි(කේරල) මහතා ඉදිරිපත්වී තමපුත්ගලික නිවස්නය වෙත රැගෙන විත් සියලු සත්කාර සහ ප්‍රතිකාර ලබාදෙමින් ඔහු ගුවත් මගින් මවුබිමට පිටත් කර යැවීමට සුදුසු වාතාවරණයක් සකසන ලදී.පසුගිය දිනක මා ඇතුළු TWAB ත්වබ් නමැති සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් කරුණු සොයා බැලීමට එම නිවසට ගිය අවස්ථාවේ නාස් මහතා පවසා සිටියේ චාලි තලයරත්න මහතාගේ දැනුන්දීම මත ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සහ කටයුතු නිමාකර අවසන් බවත්මොහුගේ කායික සහ මානසික තත්වය බෙහෙවින් පිරිහීමට ලක්ව ඇති බවත් හැකි ඉක්මනින් මවු බිමට යැවීමට අවශ්‍ය බැවින් ගුණවර්ධන මහතාගේ සහයට  තමන්ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාව බලා විටත් වෙන බවත්ය.නාස් මහතා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට පිටත්විමට නියමිත බවද වැඩිදුරටත් ඔහු පැවසිය. 

නාස් මහතා ගුනවර්දන සමග දමාම් ගුවන් තොටුපොලේදී

මේ අතර චාලි තලයරත්න මහතා දුරකථන ඇමතුමක් දී ප්‍රකාශ කලේ ගුනවර්ධන මහතා භාර ගැනීම සදහා ගුවන් තොටුපොල පර්යන්තයේපිහිටි විදේශසේවා නියුක්ති කාර්යාංශය වෙත රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දැනුම්වත් කර ඇති බවයි.

කෙසේ වුවද ඔහුගේ ගුවන් ගමන් ගාස්තු සහ අනිකුත් ඇදුම් ආයිත්තම් සහ ගුවන් තොටුපොළේ සිට නිවාස වෙත යාම සදහා  සියලුම වියදම් “TWAB”සංසදයේ සාමාජිකයින් විසින් පිරිනමන ලද අතර පසුගිය 26 දින නිරුපද්‍රිතව ගුනවර්දන මහතා මවුබිම බලා පිටත්වූ බවද වාර්තා විය.

ස්තුතිය
නාස් ශාවුකාත් අලි,චාලි තලයරත්න,ත්වබ් සංසදයේ සාමාජිකයින්.
ලලිත් ප්‍රේමලාල් .
දමාම් සිට.

RECOMMEND POSTS