මානව හිමිකම් මර්දනය හා උල්ලංඝනය නිවැරදි කරන්නැයි ඉල්ලයි



එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ ආගමික ප්‍රජාවන් සමඟ එක්ව රාජ්‍ය නොවන සංවිධාන,දකුණු කොරියාවේ ආගමික කණ්ඩායමක් වන සින්චොන්ජී යේසුසභාවට එරෙහිව සිදු කරන හිංසා පීඩා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිවැරදි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව හඬ නගමින් සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසියේදී “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාව” සඳහා වාර්තාවක් හෘද සාක්ෂියේ නිදහස සඳහා යුරෝපීය සංගම් හා පුද්ගල සම්බන්ධීකරණ (CAP-LC)සංවිධානය ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන 11ක සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන  ලදී .  වාර්තාවේ මාතෘකාව “කොරියානු ජනරජයේ COVID-19 සඳහා සින්චොන්ජි සාමාජිකයන්ට වරද පැටවීම” යන්නයි.

එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ වාර්තාව වෙත යොමු කරමින් එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් මෙසේ පැවසීය, “සින්චොන්ජියට දකුණු කොරියානු රජයෙන් සහ සමාජයෙන් හිරිහැර ඇති වේ.  රජයේ සමහර ක්‍රියාමාර්ග නීත්‍යානුකූල මහජන සෞඛ්‍ය අවශ්‍යතා මත පදනම් වූවක් ලෙස පෙනුනද, තවත් සමහරු වෛරස පැතිරයාමේ ක්‍රියාවලිය එම පල්ලියේ කාර්යභාරයක් ලෙස අතිශයෝක්තියට නංවන බවක් පෙනෙන්නට තිබුණි.

“සෝල් රජය ,අගනුවර සින්චොන්ජි සභාව වසා දැමූ අතර සමහර ප්‍රධාන පෙළේ රෙපරමාදු කන්ඩායම් එම සභාව හිතාමතාම රෝගය පැතිරවූ බවට චෝදනා කර තිබේ." 

“වෛරසය, සිය දහස් ගණන් ඇදහිලිවන්තයන්ගේ මානව හිමිකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කිරීම සඳහා නිදහසට කරුණක් විය නොහැකිය.  නොඉවසීම, ප්‍රචණ්ඩත්වය සහ සින්චොන්ජියට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුය. ” යන්න වාර්තාවේ ප්‍රකාශ වේ.

ආගමික ප්‍රජාවන්, සින්චොන්ජීයට එරෙහිව අසමාන ලෙස සැලකීම වර්ධනය වීම සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගත්හ.

ඉන්දියාවේ ආගම් හා දැනුම පිළිබඳ ලෝක සංවිධානයේ සභාපති අලමා සයිඩ් අබ්දුල්ලා තාරික්, ආගමික පුද්ගලයෙකු වීම නිසා, අසාධාරණ ලෙස වෙනස් කොට සැලකීම ගැන සඳහන් කළේය.  එමෙන්ම ඔහු වැඩිදුර පැවසුවේ "වෛරසය පැතිරවීම සම්බන්ධයෙන් මෙහි සිටින මුස්ලිම් පිරිසකට ද චෝදනා එල්ල වී තිබේ.  කණ්ඩායමේ ප්‍රධානියා ද ප්ලාස්මා පරිත්‍යාග කරන ලෙස ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.  ඒකාධිපති පාලනයක් කිරීමට කැමති අයට, ඔවුන්ට සැමවිටම මනඃකල්පිත සතුරෙකු අවශ්‍යය බවත්, මහජනයා බලමුලු ගැන්වීමට සතුරෙකු නිර්මාණය කිරීමට, ඔවුන්ට මාධ්‍යයේ සහාය ද ඇත.  මේ අනුව, මෙම වෙනස්කම් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ලෝක ප්‍රජාව නැගී සිටිය යුතුය.”

“මුලු රුධිරයේ වටිනාකම ඩොලර් බිලියන 83 ක් පමණ වන අතර පර්යේෂණ සඳහා දැනට රුධිර පරිත්‍යාගයන් නොමැතිකම පිළිබඳ ගැටළුව විසඳනු ඇත.  දකුණු කොරියාවේ රජයෙන් සහ අනෙකුත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලු චෝදනා සහ නඩු වහාම අතහැර දමා සින්චොන්ජී සභාව විසින් ප්ලාස්මා පරිත්‍යාග කිරීමට සෙසු අයව දිරිමත් කිරීම සඳහා දරන උත්සාහයට සහාය දෙන ලෙස. ”  දකුණු අප්‍රිකාවේ ආර්ය සමාජයේ ස්වාමි පැවසීය.

“SCJ පල්ලියේ සාමාජිකයන්ට එවැනි පීඩාකාරී තත්වයකට මුහුණ දීමට සිදුවීම මට කණගාටුවට කරුණකි.  සෑම මනුෂ්‍යත්වයකදීම, කෙනෙකුගේ ආගමික අනුබද්ධතා මගින් අනෙක් අය එම පුද්ගලයාට සලකන ආකාරය තීරණය නොකළ යුතුය.  එබැවින්, SCJ ප්‍රජාව මුහුණ දෙන බලහත්කාරය, හිරිහැර කිරීම සහ පීඩාවන් අවම වශයෙන් වත් යුක්ති සහගත නොවන බව මට පෙනී ගියේය.  එය ආගමික නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම පටහැනිය. ” බව පාම් ට්‍රී ඇකඩමියේ ගුරුවරිය කීර්ති පැවසීය.

මෑතකදී, සින්චොන්ජී යේසුසභාවේ  සභාපති ලී මහතා, COVID-19 වෙතින් සුවය ලැබූ සාමාජිකයින්ට ප්ලාස්මා පරිත්‍යාගයට ස්වේච්ඡාවෙන් එක්වන ලෙස දිරිගැන්වීය.  සුවය ලැබූ සාමාජිකයින් 4,000 ක් පමණ කියා සිටියේ නව ප්‍රතිකාරයක් පිළිබඳ පර්යේෂණ සඳහා ප්ලාස්මා පරිත්‍යාග කිරීමට තමන් කැමති බවයි.

“COVID-19 හි ගොදුරු වූ අපව (සින්චොන්ජි) ඔවුන්ගේ වැරදි සඟවා ගැනීම සඳහා ඔවුන්ගේ ගොදුරක් ලෙස යොදා ගැනීමෙන්" සින්චොන්ජී යේසුසභාවට හා HWPL වෙත (රාජ්‍ය නොවන සාම සංවිධානය) හිංසා පීඩා කිරීමේ දේශපාලන අභිප්‍රායන් ඇති බව ඔහු පැවසීය.  “සාම සංවිධානවලට, ආගමික සංවිධානවලට හිංසා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම කොරියාවේ නතර කළ යුතුය.” යන්න ඔහු වැඩිදුර පැවසීය.

නුවන් විමලරත්න
දකුණු කොරියාවේ සිට ලියයි


RECOMMEND POSTS