මවුමිමේ නිදහස සෞදියේ සමරයි



ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් සෞදි රාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් සංවිධානය කරන ලද නිදහස් සමරු උත්සවය පසුගියදා දමාම් අල් සාෆි උත්සව ශාලාවේදී ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවූ  සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති තැන්පත් අස්මි තාසිම් මහතා සංසදයේ ගරු සභාපති වීරක්කොඩි සුමිත් රෝයි මහතා විසින් සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව ජාතික ගිය ගායනා කිරීමට සමගාමිව   ශ්‍රී ලංකා ධජය එසවීම සිදුවුයේ ශ්‍රී ලංකා තානාපති තුමා විසිනි

 ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා ඇතුළු සංස්කෘතික සංසදයේ කාර්ය මණ්ඩලය සහ සම්භාව්‍ය අමුත්තන් විසින් චිරාගත පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නිදහසේ සැමරුම ආරම්භ වුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් පණිවුඩය කියවීමෙනි.

ඉන් අනතුරුව ගරු තානාපති අස්මිතාසිම් මහතා විසින් නිදහසේ අරුත් දක්වමින් විශේෂ දේශනයක්ද පවත්වන ලදී. 

විවිද නර්තන ගර්තන මෙන්ම දේශාභිමානි ගී ගායනා වලින් සමන්විත මෙම නිදහස් උළෙල සදහා ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

මේ සදහා මාධ්‍ය අනුග්‍රහය ලංකාදීප පුවත්පත සහ ලබාදී තිබිණ .


ලලිත් ප්‍රේමලාල් 

 

 


RECOMMEND POSTS