බෙල්පාස්සෝ එළිමහන් පාද නමස්කාරය කතානියා



කතානියා හි වෙසෙන ශ්‍රී ලාංකික කිතුණු සංඝය විසින් වර්ෂයක් පාසා පවත්වන මහා  පාදනමස්කාරය මෙවරද 2019/03/31 වන දින බෙල්පාස්සෝ (Belpasso )නම් සුන්දර ගම්මානයේ සිදු කරනු ලැබීය.

එදින හරවත් දේශනාවන් වලින් බැතිමතුන් දැනුවත් කළේ රෝමයේ සිට පැමිණි ගරු .ඉසංක පියතුමා වන අතර ,එතුමාට කතානියා කිතුණු සංඝයේ ගෞරවනීය ස්තුතියද මෙසේ පුද දෙමි.

එමෙන්ම මෙම පාදනමස්කාරය සංවිධානය කළ කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු.මයිකල් කැනීෂියුස් පියතුමාට සහ දේවස්ථාන සේවක මණ්ඩලයටද, සහභාගිත්වය දැක්වූ සියළුම ශ්‍රී ලාංකික ජනතාවටද ස්තුතිය පුද දෙමි .

 
කාන්ති රතුගම, කතානියා  ඉතාලිය
(ඡායාරූප- ජානක ප්‍රගීත් )

RECOMMEND POSTS