බර්ජ් කලීෆා ශ්‍රී ලංකා ධජයේ වරණයෙන්



පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සැරසීම විශේෂත්වයකි .

ඒ අනුව ඩුබායි හි ආකර්ෂණීය සංචාරක ස්ථානයක්  මෙන්ම ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ලෙසින්ද සඳහන් වන බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල ඊයේ (25) ශ්‍රී ලාංකේය ධජයේ වර්ණයෙන් සරසා තිබුණි. 

පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේදී මියගිය පිරිස වෙනුවෙන් සිය ගෞරවය දැක්වීම සඳහා ඔවුන් මෙලෙස එම ගොඩනැඟිල්ල ලාංකේය ධජයෙන් අලංකාර කර තිබුණි.

මීටර් 828ක් උසින් යුතු බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම නගරය වන ඩුබායි හි පිහිටා තිබේ.

මේ අතර එම ප්‍රහාරයෙන් මියගිය සියලු ලාංකිකයින් ඇතුළු විදේශිකයින් සිහිපත් කිරීම වෙනුවෙන් ඩුබායි ශාන්ත මේරි කතෝලික දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් ජූඩි ආන්ජලෝ පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ඩුබායි හි වෙසෙන කතෝලික ප්‍රජාව මෙන්ම සියලු දෙනාට පැමිනෙන්නයි ඩුබායි ශීු  ලංකා කොන්සියුලර් කාර්යාලය නිවේදනය කර සිටී. 


RECOMMEND POSTS