පොසොන් පිංකම් ලෙබනනයේ



මහින්දාගමනය සිහිපත් කරවන පොසොන් පුන් පොහොය දින සමරමින් ලෙබනනයේ වෙසෙන ලාංකික ශ්‍රමිකයින් එක්දහස් පන්සියයකට වැඩි පිරිසක ගේ සභාගීත්වයෙන් ඉකුත් 23 සහ 24 දෙදින විශේෂ පිංකම් වැඩසටහන් මාලාවක්  එරට බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති එච්.එම්.ජී.ආර්.ආර්.කේ .විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලෙබනනයේ මීරා සමාජ සුබසාධක සංගමයේ සංවිධානයෙන් පැවති මෙම පිංකම් මාලාව දාන ,ශීල ,භාවනා ,බුද්ධ පූජා වැඩසටහන් වලින් සහ දන්සැලක්ද සමන්විත විණි.

පූජ්‍ය ගනේකන්දේ ඥානාදීප හිමි සහ පූජ්‍ය ගනේකදේ චන්ද්‍රරත්න හිමි විසින් පැමිණ ශිල වැටසටහන සහ ධර්ම දේශනා පැවැත්වූ අතර ලාංකිකයින් 200 කට අධික පිරිසක් එදින සිල් සමාදන් වූහ.

පොසොන් පිංකම් වැඩසටහන් පැවති දෙදින බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය බෞද්ධ ධජ වලින් සහ සැරසිලි වලින් හා විදුලි බුබුලු වලින් සරසා තිබූහ.


RECOMMEND POSTS