පිළිසරණක් නැති පිරිස



පසුගිය දිනවල විවිද සමාජ ජාලා අනිකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාද්‍යය මගින් මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රවෘර්තියක්  සහ කතාන්දරයක් වුයේ රියාද් පිහිටි  එක්තරා නේවාසිකාගාරයක ශ්‍රී ලාංකික කතුන් 54 දෙනෙකු කිසිදු පිළිසරණක් නොමැතිව තම මවුබිමට යා ගත නොහැකිව අන්ත අසරණ බාවයට පත්ව ඇති බවයි.

මේ පිලිබදව ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය පමණක් නොව ඒ පිලිබදව වහා සොයා බැලීමටද අමාත්‍යංශ මට්ටමින් කඩිනම් ලෙස කටයුතු කරන ලදී.

සමාජ ජාලා මගින් මේ පිලිබදව දීර්ග ලෙසම කරුණු ඉදිරිපත් කලද එහි අතුලතාන්තය කෙසේ සිදුවිය යුතුද කෙසේ සිදුවන්නේද යන්න වසර 15 කාලයක සිට සෞදි අරාබියේ වෙසෙන මා විසින් ඉදිරිපත් කරනුයේ සෞදි අරාබියේ තානාපති කාර්යාලය සමග ඇති මනා  සම්බන්දතාවය සහ ප්‍රායෝගිකව ඇති අත්දැකීම් සමුදායක් සමගය.

විශේෂයෙන්ම සෞදි අරාබියෙට  ආසියාතික සහ අනුකුත් අප්‍රිකානු රටවලින් පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය සුළු පටු නොවන අතර බොහෝදුරට අතලොස්සක් තරම් වන  සෞදි හාම්පුතුන්ගෙන් සිදුවන විවිද අඩම්තේට්ටම් සහ අනිකුත් දුෂ්කර තාවයන් විද දරා ගත නොහැකිව හෝ කිසිදු හේතුවක් නොමැතිව තම රාජකාරි ස්ථානයෙන් පලා ගොස් නීති විරෝදිව වෙනත් ගෘහහන් තුල රැකියාවන් කර වැඩි වැටුපක් ලබන විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රතිශතයකි.එම කාන්තාවන් පිලිබදව නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට තානාපති කාර්යාලයට හෝ  නොහැක්කේ අදාළ ස්ථානයෙන් පලා ගොස් රහසිගතව වෙනත් ස්ථාන තුල  රැකියාවන් කරන නිසාය.කෙසේ වුවද නිවසකින් කුමන හෝ කරුණක් නිසා පලා ගොස් ආරක්ෂකඅංශ වෙත බාරවී  හෝ තානාපති කාර්යාල වෙත රැකවරණය පතා පැමිණෙන කාන්තාවන් නීතිමය කටයුතු නිම කර මවු රට වෙත පිටත් කර හරින තෙක් සෞදි අරාබි රජය මගින් පාලනය වෙන women welfare center (wwc)නොහොත් කාන්තා සුරක්ෂා නිවහනේ රදවා තබනු ලබන අතර එම නිවස්න සුකෝපභෝගී ගණයට අයත් විවිද පහසුකම් වලින් සමන්විත මහල් කිහිපයකින් යුත් නේවාසිකාගාරයකි. විවිද රටවලට අයත්  කාන්තාවන් සදහා කාණ්ඩ වශයෙන් වෙන් වෙන්ව රදවනු ලබන අතර ශ්‍රී ලාංකිකයින් සදහාද  එක මහලක් හෝ සුකොපබෝගී කාමර ලබාදී ඇත අහාරපානාදියද තම රටෙහි අනන්‍යතාවය අනුව ලබාදීම සිදු කරන අතර ආරක්ෂාව සහ සුවපහසුව නිරන්තරයෙන්ම  නොඅඩුවලබාදෙයි.කාන්තාවන්ගේ ආරක්ෂාව සදහා සෞදි රජය විසින් ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙක්ද සේවයේ යොදවා ඇත.

සෞදි අරාබි රජය මගින් පවත්වාගෙන යන මෙම සුරක්ෂා නිවෙස් රියාද්, දමාම්, ජෙද්ඩා, අල් හසා, අල් කසිම්, සකාකා, හයෙල්, වැනි ඈත පිටිසර පළාත් වලද පිහිටුවා ඇති අතර මෙම සුරක්ෂා නිවෙස් වල සියලුම රටවලට අයත් අවතැන්වූ  කාන්තාවන් අදාළ නීතිමය කටයුතු නම වනතෙක් තාවකාලිකව රදවා තබා අතර විශාලතම සුරක්ෂා නිවස්නය පිහිටුවා  ඇත්තේ රියාද් නගර මධ්‍යයේයි.එම නිවස්නය තුල කාන්තාවන් 500 ක් තාවකාලිකව රදවා තබා ගැනීමට ඉඩ පහසුකම් ඇත. කාන්තාවන්ගේ ප්‍රතිශතය අනුව ශ්‍රී ලාංකික කාන්තාවන් පනහක් පමණ සංඛ්‍යාවකට ඉඩ පහසුකම් දී ඇත.  මෙහි රදවා ඇති කාන්තාවන් විවිද ප්‍රශ්න වලට මැදිව තම මවුබිමට යාමට සැදී පැහැදී සිටියද අදාළ ගැටළු සදහා නීතිමය විසදුම් ලබාදෙන තෙක් මෙම නිවස්නතුලසමහරවිට දීර්ග කාලයක් සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයකි.කෙසේද යත් තම සේවා යෝජකයා(හාම්පුතා )විසින් නියමිත වැටුප් ලබාදී නොමැති නම් එම ගැටලුව කම්කරු උසාවිය යොමු කල විටඅවස්ථාවකදී  උසාවිය ලබාදෙන තීන්දුවට අනුව නියම කරන ලද වැටුප් හෝ අනිකුත් ගෙවීම්  හාම්පුතාගෙන් අයකර ගැනීමට කටයුතු කරන අතර යම් හෙයකින් හාම්පුතාට එම මුදල ගෙවීමට නොහැකි වන්නේ  නම් එම මුදල නම් සෞදි රජයේකම්කරු අමාත්‍යංශයේ  විශේෂ ප්‍රතිපාදන මත ගෙවීමට කටයුතු කරනු ලබයි.මෙම ක්‍රමවේදය  බොහෝ කලක සිට ක්‍රියාත්මක වන අතර එම ප්‍රතිපාදන සෞදි රජයේ අදාළ අමාත්‍යංශ නිලධාරින් මගින් අනුමත කර ගැනීම සදහාද  කාලයක් ගතවනු ඇත.මෙම ප්‍රතිපාදන සියලුම රටවල කාන්තාවන් වෙත ලබාදීමට  සෞදි රජය කටයුතු කරයි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කෙරුණු කාන්තාවන්ද රියාද් පිහිටි මෙම සුරක්ෂා නිවස්නයේ තාවකාලිකව රදවා සිටිමුත් ඔවුන්ගේ ගැටළු  එකිනෙකාට පරස්පර ආකාරයට  විවිද ලෙස බලපෑ ඇති අතර අදාළ ප්‍රශ්නයේදී නීතිමය කටයුතු කරන්නේද ඒඒ වෙනස්කම් අනුවය.

කෙසේ වුවද සෞදි රජය සෘජුවම මැදිහත් වී පවත්වාගෙන යන මෙම සුරක්ෂා නිව්ස් තුල කටතුතු කිරීමේදී තානාපති කාර්යාල බලධාරීන් හට වුවද මැදිහත් විහ හැකිවන්නේ සෞදි අරාබි රජයේ පවතින නීතිමය රාමුවකට යටත්වය. මේ අතර කිසියම් හෝ කරුණක් මත නීතිමය කරුණු නිමවුවද කාන්තාව තම මවුබිමට පිටත් කර හැරීමට (exit visa)බලය ඇති එකම පුත්ගලයා වන්නේ තම හාම්පුතා පමණක් වන අතර තානාපති කාර්යාලයට ඒ සදහා කිසිදු නීතිමය ආවරණයක් නොමැත.එසේ  වුවද කුමන කුමන  මතහෝ අදාළ හාම්පුතා විසින් එම කාර්ය නොකරන අවස්ථාවකදී සෞදි සුරක්ෂා බලධාරීන් විසින් පිටත්වීමේ විසා නිකුත් කරන අතර සියයට අසුවක පමණ කාන්තාවන් සදහා ගුවන් ටිකට් පත්ද නොමිලේ ලබාදීම සිදු කරයි.

මෙම කාන්තාවන්ගේ අලුත්ම තත්වය  පිලිබදව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඉදිරි දින කිහිපය තුලදී ශ්‍රී ලාංකික කාන්තාවන් 32 දෙනෙකු පිටත්කර හැරීම සදහා සියලු කටයුතු සුදානම් කර ඇති බවත්තවත් කාන්තාවන් 14 දෙනෙකු සදහා හිග වැටුප් ලබාගැනීමට නියමිත අතර එම මුදල් සෞදි කම්කරු අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලින් ලබාදීමට බලධාරීන් එකගවී ඇති නමුත් නිශ්චිත දිනයක් සදහන් කර නැති බවත්ය.

ලලිත් ප්‍රේමලාල්
දමාම් සෞදි අරාබිය 

RECOMMEND POSTS