පැරිස් යුනෙස්කෝවේ වෙසක් සිරි



ජාත්‍යයන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක්  ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 23 දාා පැරීසියේදි පැවැත් වුයේය.

එක් එක් ජාතීන්ට ආවේනික දේශීය නර්තන, භක්ති ගීත, උඩරට නැටුම් සමග දේශීය සංගීත වැඩ සටහන් එදින සංස්කෘතික සංදර්ශනය ආලෝකමත් කළේය. වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේනික එම සංස්කෘතිය විදහා දැක්වූ නර්තනයන් එදින සංදර්ශනයට එක්වූ අතර  පැරීසියේ විවිධ තානාපතිවරු එහි නිලධාරීන්ද සංඝයා වහන්සේලාද මෙම වෙසක් උත්සවයට සහභාගී වුයේය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 


RECOMMEND POSTS