පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතටපත් සැමට සෙත් පැතීමේ සර්ව ආගමික වැඩසටහන



සාමය ‍යනු යුද්ධයෙන් තොර වී සහජීවනය පවතින එනම්, එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; යුද්ධයෙහි විරුද්ධාර්ථ පදය සාමය යි.

කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැදින්විය හැක. වසර 30 කට ආසන්න කාලයක් අවිගත් කුරිරු ත්‍රස්තවාදයෙන් පීඩාවිදි අප රටේ ජනතාව එම ත්‍රස්තවාදය අවසන් කර වසර දහයක් ගත කළේ නිදහසේ අරුණලු විදිමිනි.

අප සැම විදිමන් සිටි එම නිදහසට කණ කොකා හඩලමින් පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ මෙලෙච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මරණයට පත් වූ අපගේම ශ්‍රී ලාංකිකයින්ට සෙත් පැතීමේ හා රෝගී වී සිටින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් සර්ව ආගමික වැඩ සටහනක් හා පහන් පූජාවක් අබුඩාබි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා බැඳුනු ශ්‍රී ලංකා සංස්කෘතික පදනම හා අබුඩාබි විහාරස්ථ දායක සභාව මගින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී.

සහජීවනයේ අරුණලු නැගෙමින් බෞද්ධ, කතෝලික, ස්ලාම් ආගමික පූජකවරුන් සහභාගී වූ මෙම වැඩ සටහන සදහා ජාති, ආගම්, කුළ බේද නොසලකා 400 කට ආසන්න පිරිසක් අබුඩාබි තානාපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට සහභාගී විය.

පැමිණ සිටි සියළු පූජ්‍යපක්ෂය විසින් සහජීවනයෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ආකාරය පිළිබඳ අනුශාසනා පවත්වන ලද අතර සෑම ජන කණ්ඩායමකම අයිතීන් තහවුරු කරන්නාවූත්, එකිනෙකාට ගරු කරන්නාවූත්, සහයෝගීතාවය සහ සහජීවනය සහිත සංවර්ධිත සමාජයක් නිර්මාණය කිරීමට අප සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද වැඩි දුරටත් සදහන් කරන ලදී. ආගමික, ජාතික භේදයෙන් තොරව මියගිය පිරිස වෙනුවෙන් පැන්වඩා පිං අනුමෝදන් කිරීම විශේෂ සිදුවීමක් විය.

ගරු අතරතුර තානාපති, ඒ.එස්.කාන් මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයද මේ සදහා සහභාගීවන ලදී.

EMBPG අබුඩාබියේ සිට

ඡායාරූප - චන්දන මදනායක


RECOMMEND POSTS