ඩුබායි හි සුන්දරතම සංගීතමය ප්‍රසංගය සිකුරාදා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ ‘‘ සහන’’ සමාජ සේවා සංවිධානය විසින් ඉදිරිපත් කරන නව සංගීත ප්‍රසංගය මේ සිකුරාදා (24) පස්වරු 7.00ට ඩුබායි ඉන්දියන් උසස් පාසලේ ෂෙයික් රෂීඩ් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙම සංගීත ප්‍රසංගයට දිවයිනේ ප්‍රවීන සංගීතවේදීන් වන සුනිල් එදිරිසිංහ ,අතුල අධිකාරී ,ශෂිකා නිසංසලා සහ රජීව් සෙබස්තියන් සමඟ ‘‘ මා නොවන මම ‘‘ රෑපවාහිනී සංගීතමය වැඩසටහනෙන් ජනාදරයට පත් ‘‘ නාද ‘‘ සංගීත කණ්ඩාවම සංගීතය සපයනු ලැබේ.

සංගීත ප්‍රසංග සඳහා නර්තන දායකත්වය මේෂාන් දිසානායක නර්තන ඇකඩමියෙනි.ප්‍රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ සහ   https://www.facebook.com/sahanauae යන  ෆේස්බුක් ලිපිනය ඔස්සේ ලබා ගත හැක.

 ‘‘සහන’’ සමාජ සේවා සංවිධානයේ කාර්යාල එරට සේවයේ නියුතුව සිටියදී විවිධ හිරිහැර හා පීඩාවන්ට පත්වූ සහ පත්වන ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ජාති භේද නොසලකා උදව් උපකාර කිරීමේ අරමුණෙන් යුතුව පිහිටවූවකි.ස්ථානයේදී,  වැඩපොළේදි කරදරයට පත්වන සෑම ලාංකිකයෙකු වෙනුවෙන් නොමිලේ  ඕනෑම අවස්ථාවක මෙම සහන සමාජ සේවා සංවිධානයේ කාර්යාල විවෘත වන බව එම සංවිධානයේ සාමාජික ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඕල්කොට් විද්‍යාලිය ආදි ශිෂ්‍ය සංවිධානය , ශ්‍රී ලංකා ව්‍යවස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයේ ඩුබායි ශාඛාව , ඩුබායි අපේ කට්ටිය මිතුරු කැළ , ඩුබායි දහම් පාසල ,ඩෙසර්ට් ලංකන්ස් ක‍්‍රිකට් සමාජය , ෆුජෙයිරා සංහ ක‍්‍රීඩා සමාජය , හෙළබිම සංවිධානය , ලංකා ලයන්ස් ක‍්‍රීඩා සමාජය , සංසදය සංවිධානය , ශ්‍රී ලංකා ප‍්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාව , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කතෝලික සංගමය යන සංවිධාන 11ක එකතුවෙන් 2012 වසරේදී ජුනි 8 වැනිදා පිහිටවූ සංවිධානයකි.                      


RECOMMEND POSTS