ඩුබායි පොලීසිය ලාංකික ප්‍රජාව අගයයි



ඩුබායි පොලිසිය විසින් පවත්වා ගෙන යන නගරයේ ආරක්ෂක හා  සංස්කෘතිය ව්‍යප්ත කිරීම සඳහා වන විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා ඩුබායි හි ග්‍රෑන්ඩ් මිලේනියම් හොටෙල් බිස්නස් බේ හීදී පැවැත්වූ බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුල්ර් කාර්යාලය පවසයි.

ඩුබායි පොලිසිය සහ ශ්‍රී  ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ ශ්‍රී  ලාංකික ප්‍රජාව අතර ඩුබායි පොලීසිය විසින් සිදු කළ කාර්යයන් ගැන ප්‍රජාව දැනුවත් කිරීම හා එමගින් නීති බලධාරීන් සහ ලාංකික ප්‍රජාව අතර පවතින පරතරය පියවා ගැනීමය.

මෙම සමුළුවේදී අදහස් දක්වමින් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත  යට්ටෝගොඩ මහතා කියා සිටියේ  ඩුබායි පොලිසිය විසින් ලාංකික ප්‍රජාව වෙත  ලබා දුන් නොමඳ සහාය ලබා ගැනීමට ස්තූතිය පළ කරනා බවය. විශේෂයෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී ශ්රී ලාංකිකයින් 20,000 කට අධික පිරිසක් සමඟින් ඩුබායිහි සැම්බෙල් පාර්ක් හි පැවති මේ වසරේ නව අවුරුදු උත්සවය සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා ඩුබායි පොලීසියේ විශේෂ දායකත්වය ද අගය කළේය.

මෙම අවස්ථාවට ඩුබායි පොලිසිය නියෝජනය කරමින් කර්නල් මොහමඩ් අල්, විමර්ශන කටයුතු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින්ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා සහ සාමය සහ සහජීවනය පවත්වාගෙන යාම සඳහා ඩුබායිහි වෙසෙන ලංකා ප්‍රජාවගේ ප්‍රයත්නය මෙහිදී ප්‍රශංසාවට ලක් කළ  කර්නල් මෙහොමඩ් අල් මහතා එක්සත් අරාබි එමීර් රාජ්යයේ ශ්රී ලාංකිකයින්ගේ අපරාධ අනුපාතය ඉතා අඩු බවද ලාංකික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඩුබායි හි සුහුරු (ස්මාර්ට් ) පොලිස් ස්ථානයෙහි ක්‍රියාපටිපාටි, පැමිණිලි ඇගයීම හා නඩුවක් ආරම්භ කිරීම, චෙක්පත් නඩු, නිවාස ආරක්ෂාව හා ගොදුරු ආරක්ෂණ, නීති විරෝධී රැස්වීම්, පොලීසිය සමග සහයෝගීතාව සහ රථවාහන අනතුරු හේතු, අතිරේකව ළමා ආරක්ෂණ පිළිබඳ විශේෂ දේශනයක් පවත්වනු  ලැබිණි.


RECOMMEND POSTS