ටෝස්ට්මාස්ටර්ස් සංගමය රැස්වෙයි



ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය මූලිකත්වය ගෙන ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ටෝස්ට්මාස්ටර්ස් සංගමයේ (කටාර්) (Srilankan Toastmasters Society Qatar ) ප්‍රථම රැස්වීම අගෝස්තු 9 වැනිදා පැවැත්විණි.

‘ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල්’ (Toasmasters International) ආයතනයට අනුබද්ධව පිහිටුවා ඇති මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සාමාජිකයන්ගේ කථිකත්වය, නායකත්වය සහ සන්නිවේදන හැකියාවන් දියුණු කිරීමයි.

ප්‍රථම රැස්වීමට සාමාජිකයන් විසිදෙනකු පමණ සහභාගී වූ අතර රැස්වීම මෙහෙයවීම ‘ස්මෙඞ්ලි ටෝස්ට්මාස්ටර්ස්’ (Smedly Toastmasters) විසින් සිදු කරන ලදි. එදින දී නව විධායක මණ්ඩලයක් ද පත් කරගන්නා ලදි. සංගමයේ සභාපති ලෙස කාමිල් ආරිෆ් මහතා කටයුතු කරන අතර අනෙකුත් විධායක මණ්ඩල සාමාජිකයන් මෙසේය.

සුමේධ ද සිල්වා (ලේකම්), ජගත් ගුණසේකර (උප සභාපති - අධ්‍යාපන), එරන්ත මඩවල (උපසභාපති - සාමාජික), උදය සූරියආරච්චි (උප සභාපති - මහජන සම්බන්ධතා), , ඩිලාන් ගුණවර්ධන ( භාණ්ඩාගාරික) සහ සංජිය මුනිදාස (වේත්‍රධාරී)

සංගමයේ පුහුණු පාඨමාලා සෑම මසකම දෙවන සහ හතරවන බදාදා දිනවල ප.ව 7 සිට 9 දක්වා පැවැත්වේ.

මෙම සංගමයේ සාමාජිකත්වය කටාර්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට විවෘත අතර සංගමයට බැඳීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට පහත දුරකතන ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

ජගත් ගුණසේකර - 3312 8971
එරන්ත මඩවල - 6619 1683


RECOMMEND POSTS