කුවේටයේ හෙට අනිද්දා දන්සැලක්



කුවේට් හි “ අපි ශ්‍රී ලාංකිකයෝ සංගමය ” විසින් තානාපති කාර්යාලයේ ද සහයෝගිය ඇතිව අට වැනි වරට ඉදිරිපත් කරන පොසොන් උත්සවය හා පිංකම මෙවරත් කුවේට් තානාපති කාර්යාල භූමියේ දී 08 හා 09 දෙදින තුළ පැවැත්වේ.

අට වැනිදා සවස හතට ගිලන්පස බුද්ධ පුජාව රැගත් දර්ශනීය පෙරහැරක් ද පස්වරු 7.45 ට පැලැන්වත්තේ සෝභිත හිමියන්ගේ සුමධුර දම් දෙසුමක්  ද මෙම පිංකමට ඇතුළත් වේ.

09 වැනිදාද ආගමික වතාවත් රැසක්  පැවැත්වෙන අතර සිල් සමාදන් වීමට කැමති අයට ඒ සඳහා ද අවස්ථාව හිමිවේ.
එදින රාත්‍රි දම් දෙසුමක් ද පැවැත්වෙන අතර සිසිල් පැන් දන්සැලක් සව් දන්සැලක් හා මහා බත් දන්සැලක් ද පැමිණෙන අය වෙනුවෙන් සුදානම් කර ඇත.

මෙම පොසොන් මහෝත්සවයට හා පිංකමට සහභාගි වන ලෙස කුවේට් හි සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය ආරාධනා කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS