කාන්තා සැමරැම් උත්සවයක්



ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලෙබනනයේ වෙසෙන ලාංකික ශ්‍රමික කාන්තාවන් ඇතුලු වෙනත් විදේශික ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් කාන්තා සැමරැම් උත්සවයක් එරට සලූමේහ්  හි පේරෙස් යුනීස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එරට සේවය කරන ලාංකික ශ්‍රමික කාන්තාවන්ට අමතරව පිලිපීන ,ඉතියෝපියා ශ්‍රමික කාන්තාවන් මෙම ජාත්‍යන්තර කාන්තා සැමරැම් උත්සවයට සහභාගී වූහ.

උත්සව සභාවේදී ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපති එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න  මෙන්ඩිස් මහත්මිය විසින්  ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ පණිවිඩය එහි පැමිණ සිටි අමුත්තන් හමුවේ ඉදිරිපත් කළාය.

මෙම උත්සවයට ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආසියානු රටවල තානාපති බිරින්දෑවරැන්ගේ සංගමයේ  සභාපතිනී සහ ලෙබනනයේ බංග්ලාදේශ තානාපති බිරිද වන සාදියා සර්කාර් මහත්මිය කියා සිටියේ  ලෝක ජනගහනයෙන් සියයට පමණක් වන කාන්තාවන්ට අධ්‍යපනයේ දී හා රැකියා ස්ථාන වලදී සම අවස්ථාවන් නොලැබීය යන බවය.

එසේම සියලුම කාන්තාවන්ට සමාජ ආර්ථික දේශපාලන සහ අධිකරණ ක්ෂේත්‍රයන් හිදී සම අයිතීන් දිනා ගත යුතුව ඇති බවත් එසේම හරි දේ ඉටු කිරීමට හා සටන්  කිරීමට කාන්තාවන් බිය නොවිය යුතු බවද ඇය කියා සිටියාය.

ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ සභාපතිනිය වන මාලනී කන්දේආරච්චි මහත්මියද මෙම උත්සව සභාව ඇමතුවාය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS