අපි අපිම 4 වලපෙන්



නුගේගොඩ,විජේරාමයේ නවාතැන්පොළක මිතුරන්ගේ එකමුතුවෙන් සහ නන්දෙසින් එකතුවන සහෘදයන්ගේ සහයෝගයෙන් 2015 වසරේ ගොඩ නැගූ ‘අපි අපිම’ දැයේ දරුවන් වෙනුවෙන් අපේ සද්කාරයේ 2018 වසරේ සිව්වැනි සමාජ සද්කාරය මෙවර ඉටුකරනු ලබන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපන කලාපයේ කලගම්වත්ත වැලිහිඳ ප්‍රාථමික විදුහල, (මුළු සිසුන් සංඛ්‍යාව 53) තෙරිපැහැ හිඟුරාවෙල ප්‍රාථමික විදුහල, (මුළු සිසුන් සංඛ්‍යාව 26) කලගම්වත්ත කීනගොල්ල ප්‍රාථමික විදුහල, (මුළු සිසුන් සංඛ්‍යාව 15) ටය.

මෙම විදුහල් තුනේම අධ්‍යාපනය ලබන්නේ දරුවන් 94 ක් පමණි.කිසිදු යටිතල පහසුකමක් නොමැතිව ඉතා දුක්බර ජීවිතයක් ගත කරන මෙම ගම්මානවල ජිවත්වන සෑම දෙනකුගේම ජිවීකාව වනුයේ ගොවිතැන සහ කුලී වැඩයි.

මෙම කලාපයේ බොහෝ දරුවන්ට ලැබෙනුයේ ද ප්‍රාථමික අධ්‍යාපනය පමණි.එනම් පහ ශ්‍රේණියෙන් පසු වෙනත් පාසලකට යා යුතු බැවිනි.එවන් පාසල් පිහිටා ඇත්තේ කි.මී.10 – 12 කට එහා බැවින් හරි හමන් පාරක්,බස් රථයක් නොමැති බැවින් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමඟ නවති.

මෙම ප්‍රාථමික පාසල් ඉතා අඩු සිසුන් සංඛ්‍යාවක් මත වුවද පවත්වාගෙන යන්නේ එයද වැසී ගියහොත් එම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ද අහිමිවන බැවිනි.

‘අපි අපිම’ අපේ උත්සහය වනුයේ මෙවන් අඩු පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන අපේම දරුවන්ට වසරක් පුරා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදී ඔවුනට අත්වැලක් වන්නය.

වසරක් පුරා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පොත්,පෑන්,පැන්සල්,පාට පෙට්ටි,ඇතුළු සියලු දෑ මෙන්ම සපත්තු, බෑග්, නිල ඇඳුම්,රෙදි,වතුර බෝතල්,කෑම පෙට්ටි,කුඩ  ආදි අංග සම්පූර්ණ උපකරණ කට්ටලයක් ඔවුනට හිමි වේ.

‘අපි අපිම’ ආරම්භය 2015 වසරේ සිදුවු අතර එහි ප්‍රතිලාභ පිළිවෙළින් නිකවැරටිය අඹගස්වැව ප්‍රාථමිකය, කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමිකය, මැදිරිගිරිය ගුරුගොවැල්ල ප්‍රාථමිකයට හිමි වූ අතර මෙවර වලපනේ පාසල් තුනකටම එම දායකත්වය හිමිවේ.

මේ සඳහා අත්වැලක් විය හැකි උපකාරයක් කළ හැකි ඔබගේ සියලු පරිත්‍යාග ඔක්තෝබර් 30 ට පෙර අපට ඇමැතීමෙන් ලබා දීය හැක.

සුජිත් - 0778259468

මලින්ද - 0719987962

රවිඳු - 0714322140


RECOMMEND POSTS