71 වෙනි නිදහස් උළෙල පැරීස් සැමරැම



ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2019 පෙබරවාරී 04  වැනිදාාට වසර 71කි.

ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් හා ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී පැවැත්වුණි.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩලයද, සියලුම ආගම්හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී, සමාජශීලී සංවිධාන වල නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර අභිමානවත් නිදහස් උත්සවයක් පැවැත්වුණි.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ලාබුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පූජ්‍ය මුරුංග්ගස්යායේ ඥාණිස්සර හිමි, පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ලද බෞද්ධාගමික වතාවත් වලින් පසු අනෙකුත් කතෝලික, හින්දු, ඉස්ළාම් ආගම්හී ජුජා මෙහෙයන් එම පූජ්‍ය පක්ෂය විසින්  ගෞරවනීය ලෙස සිදු කළෝය.

ඉනික්බිතිව පොල්තෙල් පහණ දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, ජාතික ගී හඬ මැද ඇරඹුණු ජාතික නිදහස් උත්සව සභාව ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ, විදේශ ඇමති තුමාගේ නිදහස් දින පණිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂා වලින් සභාවට දැන්වීය.

උත්සව සභාවෙන් පසු සහභාගීවූ සියළුම පූජ්‍ය පක්ෂය සඳහා දාානමය කටයුතු සිදුකළ අතර අනතුරුව පැමිණි ආරාධිතයන්ට දිවා භෝජන සංග්‍රහයක්ද සූදාානම් කර තිබුණේය.

04 වැනි සඳූදාා ප්‍රංශයේ රාජකාරී දිනයක් වූ බැවින් 10 වෙනි ඉරුදින උදේ 10 ට පැරීසියට නුදුරු ක්‍රිතෙයිල් වලදී සියලුම ජන වර්ග නියෝජනය කරන සංස්කෘතික අංඟ ඇතුළත් අංග සම්පූර්ණ නිදහස් උළෙලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලුම කටයුතු යොදාා ඇත්තේය.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට


RECOMMEND POSTS