සෞදි රජතුමාගෙන් නොමිලේ ප්‍රතිකාර



කෝවිඩ් 19 නව කොරෝනා ආසාදිත සෞදි අරාබියේ වෙසෙන සියලුම පුරවැසියන් හට නොමෙලේ ප්‍රතිකාර සහ පහසුකම් ලබා දීමට සෞදි අරාබියේ සලමාන් බින් අබ්දුල් අසිස් රජතුමා අද නියෝග කරන ලද බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

මෙම නියෝගයට අනුව කොරෝනා ආසාදිත සියලුම පුරවැසියන්,සෞදි,සහ සියලුම විදේශිකයින් මෙන්ම අනවසරික සහ නීති විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින සියලුම පුරවැසියන් සදහාද වලංගු වන අතර නොමිලේ ප්‍රතිකාර වලට අමතරව සියලුම සෞඛ්‍ය පහසුකම්ද ලබා දෙන ලෙස සල්මාන් රජතුමා සෞදි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර තව්ෆික් බින් පස්වාන් අල් රබිය මගින්  සියලුම රජයේසහ පවුත්ගලික සෞඛ්‍ය  නිලධාරින් හට උපදෙස් ලබා දී ඇති බව පුවත්පත් වාර්තා කරයි.

මේ අතර සෞදි අරාබිය පුරා මේ වනවිට කොරෝනා ආසාදිතයින් (30)මාර්තු 1453 දක්වා ඉහල ගොස් ඇති අතර 115 දෙනෙකු සුවය ලබා ඇත.කෙසේ වුවද මේ වනවිට මියගිය සංඛ්‍යාව අට දෙනෙකු බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇති බවද සෞදි පුවත් පත් වාර්තා කරයි.

අද දිනය වනවිට ලෝකය පුරා කොරෝන වයිරසය ආසාදිතයින් 723.740 සිටින අතර සුවය ලබා ඇති රෝගීන්ගේ ගණන 152.042 කි කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්‍යාව 34.018 බව වාර්තාවේ.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

RECOMMEND POSTS