සෞදි නැගෙනහිර නත්තල් සිරියෙන් බැබලෙයි



සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් මෙවරත් නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් ප්‍රසංගයක් පසුගිය සිකුරාදා (20) අල් කොබාර් රිසායඩ් උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

සිකුරාදා සවස හයේ සිට මධ්‍යම රාත්‍රියත් පසුවන තෙක් පැවති මෙම නත්තල් ප්‍රසංගයේ සම්භාව්‍ය  විශේෂ ආරාධිත ලෙසසහභාගිවු  සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා ප්‍රසංගය අවසන් වනතෙක්ම රැදිසිටි  අතර මෙම නත්තල් සැමරුම් උත්සවය සදහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ. කිතුනු බැතිගී ඇතුළු නර්තන ගර්තන මෙන්ම කුඩා ළමුන් විසින් ගායනා කරන ජේසු සමිධානන් වෙනුවෙන් ගායනා කිහිපයක්ම දක්නට ලැබුණු අතර මේ සියලු අංගයන් සදහා  වාධ්‍ය වෘන්දයෙන් මනමොහනිය  සංගීතය සැපයුවේ සෞදි අරාබියේ ජනාදරයට පාත්‍රවූ අති දක්ෂ සංගීත කන්ඩායමක්වූ ප්‍රසන්න අසෙල්ල මහතාගේ නායකත්වයෙන් යුත් සෙරන්දිබ් මාදක මඩුල්ල විසිනි.

තානාපතිතුමා සමග සමග අනුග්‍රාහක බවතුන්

නත්තලේ ප්‍රධාන අංගයක්වූ නත්තල් සීයාගේ පැමිණීම සහ කුඩා දරු දැරියන් වෙනුවෙන් විවිද ත්‍යාග සහ රසකැවිලි බෙදා දීමද කැපී පෙනුන අංගයක් වූ අතර සෙරන්දිබ් වාදක මඩුල්ල සමගින් ආදුනික  ගිත ප්‍රසංගයක්ද අරබුනේ ඉන් අනතුරවය.සිංහල දෙමලසහ ඉංග්‍රීසි බසින් ශ්‍රී ලාංකික ආධුනික ගායක ගායිකාවන් ගායනයෙන් සහ රංගනයෙන් දැක්වූ දක්ෂතාවයන් වෙනුවෙන් පැමිණි සිටි පිරිස ඔල්වරසන් දෙමින් දැක්වූ ප්‍රතිචාරය කාගේත් සතුටට හේතු විය.

 කුඩා දරුවෙකුට තානාපති තුමා අතින් තෑගි

මෙම නත්තල් ප්‍රසංගය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලන්කන් ගුවන් සේවය දක්වා තිබු අතර ඒ සදහා සෞදි අරාබියානු කළමනාකාර සමන්ත නාගහවත්ත මහතා සහභාගී විය. අනිකුත් අනුග්‍රාහකයින් අතර NSB ටෙලි මනි ආයතනය වෙනුවෙන් මොහොමඩ් උවයිස් මහතාද ABTකාර්ගෝ ආයතනය වෙනුවෙන් ජෝයි ප්‍රනාන්දු මහතාද කොමර්ෂනල් බැංකුව වෙනුවෙන් එම බැංකුවේ  නියෝජිත මහතාද සහභාගී විය.

එස් එල් සිසි සභාපති සහ තානාපති තුමා සහතික බෙදා දෙමින්

විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් මුල්‍යම දායකත්වය ලබාදෙන රවින්ද්‍රනාත් මහතාගේ සහභාගිත්වය අගය කලයුතු අතර සියලුම සංගීත මෙවලම් නොමිලේ ලබාදීමට ඉදිරිපත්වන චාලි තලයරත්නමහතාගේ අනුග්‍රාහකත්වය මිල කල නොහැකි බවද නැගෙනහිර  කලාපිය සංසදයේ ලේකම් යසන්ත පිරිස් මහතා පැවසිය.

ලලිත් ප්‍රේමලාල්
දමාම් සිට.

RECOMMEND POSTS