සෞදි නැගෙනහිර ජංගම සේවාව ජුලි හත් වැනිදා



සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ජුලි    මස 7 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් ලුලු සුපිරි වෙළද සංකීර්ණය අසල පිහිටි ටියුලිප් හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු  පැවසිය.

රියාද් තානාපති  කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම ජංගම සේවාවෙන් ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු  ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.

මෙම ජංගම සේවාවසදහා පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් උදසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන වෙන් ඉල්ලා සිටි.ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටි.

සුමිත් 0500998349

රාජා 0560445190


ලලිත් ප්‍රේමලාල්

සෞදියේ සිට


RECOMMEND POSTS