සෞදි අරාබියේ බක්මහ උලෙළ අප්‍රේල් 19 දා



සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන බක්මහා උළෙල සුපුරුදු පරිදි මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව සංසදයේ ප්‍රධාන ලේකම් යසන්ත පිරිස් මහතා පවසයි.

අප්‍රේල් 19 වැනි දින දමාම් නයින්ටි වන් අල් ෆයිසාලියා අල් හිඩ්ශාලාවේදී උදේ 8.30 සිට දවස පුරාම පැවැත්වීමට නියමිත මෙම මහා බක්මහ උළෙලේ කඹඇදීම,කනා මුට්ටිය බිඳීම,කොට්ටපොර,ළමා අවුරුදු කුමරා/කුමරිය,ලිස්සන ගසේ යාම,සැගවුන අමුත්තා සෙවීම ඇතුළු විවිධ ජන ක්‍රීඩා රැසකින් සමන්විත වන අතර විනෝදාස්වාදය උපරිමයෙන් ලබා දීමට කටයුතු කරන බව සංවිදායක මණ්ඩලය පවසයි.

සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් පවත්වන මෙම බක්මහ උළෙල සදහා පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් කිරිබත්,කැවුම්,කොකිස් ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රනීත ආහාරපානයෙන් සංග්‍රහ කිරීමටද සැලසුම් කර ඇති අතර “සෙරන්ඩිබ්”සංගීත කණ්ඩායම මගින් සපයන මියුරුසර  සංගීතයටද ඔබට සවන්දිය හැක.

අනුග්‍රහය ජාතික ඉතිරිකිරීමේ බැංකුව,ශ්‍රී ලන්කන් ගුවන් සේවය,ඇරැබ් නැෂනල් බැංකුව,(ටෙලිමනි),පිසි කාර්ගෝ සමගින් මාධ්‍ය අනුග්‍රහය ලංකාදීප පුවත් පත.

ඔබ සැමට ආරාධනා

විමසීම්- 0508124831,0500998349,0509041258,0502166799,0500035302...

ලලිත් ප්‍රේමලාල්
දමාම් සෞදි අරාබිය....
05.04.2019 

RECOMMEND POSTS