සාදයක් පවත්වා දඩකයි



කොරෝනා  වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා  (ලොක්ඩවුන්) තිබියදී ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වූයේ යැයි චෝදනා යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය   එරට මුදලින් යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා වන පොලිස්  දඩ මුදල් නියම කර ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබ ඇත්තේ කලක් තිස්සේ එරට වාසය කනෙ ලාංකිකයින් පිරිසකට යැයද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මෙම ලාංකිකයින් 11 දෙනා ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී ෆිරෙන්සි නගරයේ ජනාකීර්ණ තට්ටු නිවාස සංකීර්ණය පිහිටි නිවසක් තුළදී මෙම සාදය පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අසල්වැසි නිවෙසියන් ඉතාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ හදිසි වැටලීමක් කර ඇත.

එහිදී ලාංකිකයින් 11 දෙනා සාදය පවත්වමින් සිටයදීම තට්ටු නිවාස සංකීර්ණයේ නිවස තුල කඩා වැදුනු ඉතාලි පොලීසිය විසින් ඔවුන් එකිනෙකාට අදාල වැරදි අනුව යූරෝ 400 (රුපියල් 80,000) සිට යූරෝ 3000 (රුපියල් ලක්ෂ හය) දක්වා වූ දඩ මුදල් පැනවූ  බව ද එම
තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS