බස්නාහිර ආණ්ඩුකාර සල්මාන් රජුගේ භෝජන සංග්‍රහයට



බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා  සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසිස් රජතුමා විසින් ඊද් උත්සවය වෙනුවෙන් පවත්වන ලද භෝජන සංග්‍රයට සභාගී වූහ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය කියා සිටී.

පූජනීය මක්කමෙහි මිනාහි රාජකීය මැදුරේ පැවති මෙම භෝජන සංග්‍රහයට බස්නාහිර ආණ්ඩුකාරවරයා සහභාගී වූයේ සල්මාන් රජුගේ ආරාධනයෙනි.

ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අලිස්සා මැතිතුමාගේ විශේෂ ආරාධනයෙන් හජ් වන්දනාව සඳහා පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ. ජේ. එම්. මුසම්මිල් මැතිතුමා සහභාගී විය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS