නිදහස් කුසලානය දමාම් එස්.එල්.සිසී දිනා ගනී



ලලිත් ප්‍රේමලාල්
දමාම්, සෞදි අරාබිය 
 
ශ්‍රී ලන්කාවේ 71 වෙනි නිදහස් සමරුවට සෞදි අරාබියේ සුපර් ලයන් වෙතින් MAXCE HARDING නිදහස් කුසලානය දමාම් එස්.එල්.සිසී දිනා ගනී
 
ශ්‍රී ලන්කාවේ 71 වෙනි නිදහස් සමරුවට සමගාමිව සෞදි අරාබියේ නගෙනහිර හිර පලාතේ සුපර් ලයන් ක්‍රිඩා සමාජය මගින් සන්විදානය කරන ලද චාර්ලස් හාර්ඩින්ග් අනුග්‍රහයෙන් දමාම් එස් එල් එස් සී ක්‍රිඩාංගනයේ පවත්වන ලද මහා ක්‍රිකට් තරගාවලියේ මැක්සි හාඩින්ග් කුසලානය (නවා)නවරත්නම්( AL RAJHI BANK) මහතාගේ නායකත්වයෙන් යුත් දමාම් එස් එල් සී සී කන්ඩායම විසින් දිනාගන්නා ලදි.ක්‍රිඩා කන්ඩායම් අටකින් සමන්විත වු මෙම මහා ක්‍රිකට් තරගාවලිය සදහා දමාම් සුපර් ලයන්,ෆයිටස්.අරබ් ලන්කා,ඊස්ටන් රයිඩස්,රියල් ලයන්ස්,දල්ලා කින්ග්, එස් එල් සීසී, බ්ලක් ඊගල්ස්, යන කන්ඩායම් සහභාගි වූහ.
 
මෙම නිදහස් සමරුම් තරගාවලියේ චර්ලස් හාර්ඩින්ග් අනුග්‍රාහකත්වයෙන් යුත් මැක්සි හඩින්ග් කුසලානය එස් එල් සී සී දිනා ගත් අතර හොදම පන්දු යවන්නාට හිමි ශූරතාවය එස් එල් සී සී කන්ඩායමේ ශිපාන් දිනාගන්නා ලදි.නගෙනහිර පලාත ඉන්දික වීරසිංහ මහතාගේ මනා මග පෙන්වීම සහ දායකත්වය මත මෙම නිදහස් සමරුම් තරගාවලිය පසුගය සිකුරාදා අති සාර්ථකත්වයෙන් පවත්වුයේ විශාල දෙස් විදෙස් ප්‍රෙක්ෂකයන්ගේ සහභාගිත්වයෙනි.

RECOMMEND POSTS