නැගෙනහිර සෞදියේ නිදහස් සැමරුමක්



ශ්‍රී ලංකාවේ 72 නිදහස් දින සැමරීම උදෙසා සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගියදා අල් කොබාර් ගෝල්ඩන් ටියුලිප්  හෝටල් සංකීර්ණයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. නැගෙනහිර තානාපති ජංගම සේවාවට සමගාමිව පැවැත්වුන මෙම නිදහස් සමරු උළෙල වෙනුවෙන් රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙක්ම සහභාගි වී සිටි අතර විශේෂ ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේඛම් ෆසිල් ෆාරුක් මහතාද කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහතාද සහභාගී විය .

අභිමානවත් ජාතියක ප්‍රෞඩත්වය විදහාලමින් තානාපති කාර්යාලයේ විශේෂ ආරාධිත නිලධාරින් විසින්  ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමෙන් සහ ජාතික ගිය ගායනා කිරීමෙන් අනතුරුව  චිරාගත පොල්තෙන් පහන දැල්වීමෙන් ආරම්භ වූ සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා ජනාධිපති  ගරු ගොටාභය රාජපක්ෂ මහතා විසින් ලද කරන නිදහස් පණිවුඩය වීඩියෝ දර්ශන පථයක් මගින් නැරබීමට සංසදය (SLCC) විසින් කටයුතු යොදා තිබු අතරරියාද් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සහ දුත මණ්ඩල ප්‍රධානි මධුක වික්‍රමාරච්චි මහතා විසින් එවන ලද නිදහස් පණිවුඩය කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහතා විසින් කියවනලද්දේ ඉන් අනතුරුවය.මාතෘ භූමියට නිදහස ලබා ගැනීම උදෙසා සටන් වැදී සියලුම ජාතික වීර වරයන්  සිහිපත් කරමින් ඔවුන් කරන ලද මාහැගි කාර්ය භාරය වෙනුවෙන් මාදව දේශප්‍රිය මහතා විසින් කෙටි හැදින්විමක්ද  සිදු කරන ලදී.

මෙම සැමරුම් උළෙලේදී විශේෂ දේශකයින් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ නිදහස සදහා උරදුන් සියලු විරුවන් මෙන්ම තිස් වසරක කුරිරු වෙනුවෙන් කැපවුණු  රණවිරුවන් හටද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බවද පැවසිය. ලාල් ප්‍රේමානන්ද මහතාද විසින්ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමට උරදුන් විරුවන් පිලිබදව  විශේෂ දේශනයක් පවත්වන ලදී .

මෙම සැමරුම් උළෙල සදහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් උපාලි මහතා සහ ආරාධිතයින්  කිහිප දෙනෙක්ම සහභාගී වූ අතර නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ (SLCC) සාමාජිකයින් සියලු දෙනාම සහභාගිවී සිටියහ.

ලලිත් ප්‍රේමලාල්
දමාම් සිට.


RECOMMEND POSTS