තානාපති සබදතාවලට වසර 40 යි



ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 40ක් සපිරීම නිමිත්තෙන්  ඩුබායි හි කොන්සල් ජනරාල් “ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන සන්ධ්‍යාව සහ සංස්කෘතික රාත්‍රියක් ඉකුත්දා ඩුබායිහි අර්මානි හෝටලයේ බුර්ජ් කලීෆා හි පැවැත්වීය පවත්වනු ලැබීය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරමින් ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ අතර මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බෙල්හයිෆ් අල්නූයිමි මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා  ආරාධිත අමුත්තන්  ලෙස සහභාගී වූණි.

මීට අමතරව රටවල් 35 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින්, ඩුබායි හි පිහිටි කොන්සියුලර් ජනරාල් 30 කට අධික සංඛ්‍යාවක්, ප්‍රමුඛ සංචාරක හා සංචාරක මෙහෙයුම් සමාගම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිලධාරීන්, එමිර් ජාතික සම්භාවනීය අමුත්තන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු 350 කට අධික අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වසර 40 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීමේ සන්ධිස්ථානය සැමරීම සඳහා කොන්සල් ජෙනරාල් සහ සංකේතාත්මකව කේක් කැපීම, ඉන්පසු ඩුබායි හි ‘‘ද ඇඩ්රස් ‘‘ හෝටල්වල කලාපීය සාමාන්‍යාධිකාරී මාර්ක් කර්බි විසින් ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමක් මෙහිදී සිදු විණි. පැමිණි පිරිස් ලාංකික නැටුම් ගැයුම් වලින් කුල්මත් කිරීම “චන්න-උපුලි” ප්‍රසාංගික කලා පදනම විසින්ද සිදු කරන ලදී.

සැමරුම් උත්සවයට පැමිණි පිරිස් ඇමතූ ඩුබායි හි  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා පැවසූයේ 1979 දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වූ දා සිට දෙරට අතර සබඳතා වර්තමාන තත්ත්වය දක්වා විකාශනය වන බවත් පෙන්වා දුන්නේය. එසේම ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් වී ඇත්තේ විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය මත යැයිද ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා කියා සිටියේය.

පසුගිය වසර කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වා වූ සංචාරක කර්මාන්තය ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සත්කාරක රටෙහි පදිංචිකරුවන් අතර නිවාඩු, විවේකය සහ සන්සුන් භාවය සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර ප්‍රේක්ෂක තොරතුරු ඉදිරිපත් කළේය

එය සැබෑ ශ්‍රී ලාංකික අත්දැකීමක් බවට පත් කරමින්, අවසානයේදී සහභාගී වූවන්ට විශේෂයෙන් සකස් කරන ලද  ශ්‍රී ලාංකික ආහාර ඇතුළත් රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS