ටෝස්මාස්ටර් තරගයෙන් ලංකාවට පළමු තැන



සෞදි අරාබියේ නැගෙනහිර මධ්‍යම සහ බස්නාහිර පළාත් ඒකාබද්දව සංවිධානය කරන ලද ටෝස්මාස්ටර් මහා තරගාවලියෙන් නැගෙනහිර (දමාම්) තැප්‍රෝබේන් TAPROBENE ටෝස්මාස්ටර් සමාජයේ ශ්‍රී ලාංකික සාමාජිකාවක් වන මිනුරි විජේසේකර මෙනවිය විසින් දිනා ගන්නා ලදී.

ටෝස්මාස්ටර් සමාජ තුන්සියයකින් යුත් සාමාජික සාමාජිකාවන් දසදහසක් සහභාගිවූ මෙම මහා තරගාවලියෙන්  අවසන් පුරවා වටයට පැමිණි විසිදෙනා සදහා අවසාන තරගය පසුගිය මැයි 18,19,20 වෙනි දිනවල රියාද් නුවර ප්‍රින්සස් ගුරා බින් අබ්දුල් රහමන් විශ්වවිද්‍යාලයේදී පැවැත්වුයේ එහි විදායක නිලධාරීන්ගේද සහබාගිත්වයෙනි.

ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවති මෙම තරගාවලියේදී දසදහසක් සාමාජික සාමාජිකාවන් අතරින් අවසාන පුරවා වටයෙන් ජයග්‍රහණය කල විසිදෙනා අතුරින් ඉංග්‍රීසි හාස්‍ය දනවන කතා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නැගෙනහිර පළාත නියෝජනය කරමින් තැප්‍රෝබෙන් ටෝස්මාස්ටර් සාමාජික මිනුරි විජේසේකර මෙනවිය ජයග්‍රහණය කිරීම විශේෂිත විය.අදාළ ත්‍යාග සහ සහතික පත් ටෝස්මාස්ටර් සමාජයේ විධායක නිලධාරි ඩැනියෙල්රෙක්ස් මහතා අතින් පිරිනැමිණ. මෙම අවස්ථාවට විශේෂ ආරාදිතයෙකු ලෙස ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාද සහබාගි විය

සෞදි අරාබියේ මෙතෙක් පැවති ටෝස්මාස්ටර් තරගාවලියකින් ශ්‍රී ලාංකික සාමාජිකාවක් ප්‍රථම සථානය ලැබූ ප්‍රථම අවස්තාව මෙය වන බවත් ඇයගේ ජයග්‍රහණය පිලිබදව  සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුබ පතන බවත් ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පැවසීය.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබිය


RECOMMEND POSTS