ජෙඩා නුවරදීත් නිදහස් සැමරුමක් !



ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සන්වත්සර සමරුම වෙනුවෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සංවිධානය කරන ලද නිදහස් සැමරුම් උත්සවයක් එම ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල පරිශ්‍රෙය්දී (04) පැවැත්විණි.

ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ඒ.ඩබ්ලිව්.ඒ සලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් සැමරුම් උත්සවයට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් සහභාගී වී සිටියහ.

මෙම සැමරැම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා විසින් ජෙඩාහි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ දරු දැරියන් වෙනුවෙන් 70 වැනි නිදහස් සැමරුම සදහා පැවති රචනා තරගාවලියේ ජයග්‍රාහිකයින් සදහා තෑගි ප්‍රදානයක්ද සිදු කෙරිණි.


RECOMMEND POSTS