කොවිඩ් අස්සේ දිවි හානි කරගනී



කොවිඩ් වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්ත වන මොහොතක සෞදි අරාබියේ දමාම් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයෙකු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගත් සෝචනීය පුවතක් වාර්තා වේ.

මෙසේ සොෂනිය ලෙස මිය ගොස් ඇත්තේ අයිඩි එච් ප්‍රදේශයේ පදිංචිව සිට සෞදි අරාබියේ දමාම් දල්ලා ප්‍රදේශයේ රියදුරු රැකියාවක් ලෙස පැමිණි 56 හැවිරිදි මොහාන් රණසිංහ නමැති එක දරු පියෙකි.

මියගොස් සිටියදී ඇසින් දුටු ඔහුගේ මිතුරකු වන මොහොමඩ් කාසින් නමැති අය පැවසුවේ මිට දින දෙක තුනකට පෙර මියගිය මොහාන්ගේ මිතුරකු විසින් දෙන ලද දුරකථන ඇමතුමකට අනුව උදැසන නවයට පමණ මොහාන්ගේ කාමරයට යද්දී ඉදිරිපස දොරටුව අබියස ඉහලින් පිහිටි යකට කොක්කක ඇන්ටනා කෙබලයක් ගැටගසා එම කේබලයේ බෙල්ල සිර කර එල්ලා මියගොස් සිටි බවයි.ඒ අනුව තමා සහ තවත් සගයෙකු සමග වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දී පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් රථ කිහිපයක්ම පැමිණපොලිස් නිලධාරින් විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු මෘත දේහය රජයේ රෝහල වෙත රැගෙන ගිය බවද කාසිම් මහතා පවසයි.

මෙම මරණය පිලිබදව සොයා බැලීමේදී හෙළිවූ කරුණු අනුව මොහුගේ සහෝදරයින් දෙදෙනෙකුද සෞදි අරාබියේ රැකියාවන් සදහා පැමිණ සිටින අතර ඔවුන් දෙදෙනාද මෙරටට ගෙන ඇත්තේද මොහු විසින් වන බවත් මොහු තමන්ගේම මෝටර් රථයකින් කුලී පදනම මත යම් යම් ආයතන වල නිලධාරින් කිහිප දෙනෙකුට දිනපතා ගමන් පහසුකම් සපයමින් ස්වයන් රැකියාවක් කරමින් සිටි අයෙක් බවත්ය.

කෙසේ වුවද මෙම සියදිසි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මොහු දීර්ග කාලීනව උදරයේ කිසියම් හෝ ආබාධයක් හේතුවෙන් රෝගී තත්වයකින්  පිඩා විදිමින් කනස්සල්ලෙන් සිටි අයෙක් බවද දන ගන්නට ඇත.මොහාන් රණසිංහ නමැති මෙම තැනැත්තා මිය යාමට පෙර තම අත් අකුරින් ලිපියක් ලියා ඇති අතර එහි සදහන් වන්නේ මාගේ මරණය මා විසින් සිදු කරගත් එකක් බැවින් කිසිවෙකුත් වගකිව යුතු නොමැති බවත් මාගේ සිරුර සෞදි අරාබියේ භුමි දානය කරන ලෙසත් එසේත් නැත්නම් සිසුන්ගේ පරීක්ෂණ සදහා විශ්වවිද්‍යාලයකට භාර දෙන ලෙසත්ය මෘත දේහය දැනට රජයේ රෝහලේ තැන්පත් කර ඇති අතර රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කර ඇති බවද කාසිම් මහතා පවසයි.

මේ අතර එළබෙන සිකුරාදා (12) මොහාන් රණසිංහ වෙනුවෙන් දහවල් ආහාර පාන බෙදාදීමේ  දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීම සදහා මොහොමඩ් කාසිම් ඇතුළු ඔහුගේ මිතුරු සංසදය සංවිධානය කර ඇති බවද පවසයි.


RECOMMEND POSTS