කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ



ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, වේලාව වෙන් කර ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේදී මර්ගගත ක්‍රමයට කොන්සියුලර් සේවා ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

 මීට අමතර, 'කොවිඩ්19' වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවලදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු යෙදවීමට නියමිතය.

'කොවිඩ්19' වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල අඛණ්ඩව මහජන සේවාවන් සපයන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.


RECOMMEND POSTS