‘ටියුනිස් 2020’



‘ටියුනිස් 2020’ ආර්ථික හා ආයෝජන සමුළුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව, ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්විණි.

‘ටියුනිස් 2020’ සමුළුවේ අරමුණ අරාබි රාජ්‍යයක් වන ටියුනීසියාව ආර්ථික සහ ආයෝජය අතින් ශක්තිමත් කිරීමය.

‘ටියුනිස් 2020’ ආර්ථික සහ ආයෝජන සමුළුවට කටාර් එමීර්වරයා ද සහභාගී විය. එහිදී ඔහු නිවේදනය කළේ කටාර් රාජ්‍යය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.25 ක මුදලක් ලබා දීමට කටයුතු කරන බවටය.

‘අරාබි වසන්තය’ හරහා පළමුවෙන්ම ජනතා විරෝධය මැද බල පෙරැළියක් සිදුවූයේ ටියුනීසියාවේය. 

දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපති බෙන් අලී ජනතා විරෝධය මැද ධුරයෙන් සමුගැනීමෙන් පසු, අස්ථාවර වුණු ටියුනීසියාවට ශක්තියක් වීම ‘ටියුනිස් 2020’ ආර්ථික සහ ආයෝජන සමුළුවේ ප්‍රධාන අරමුණය.

තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ඇති කිරීම, විරැකියාව තුරන් කිරීම, අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වට මුල්වන සමාජීය කරුණු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි කටාර් එමීර්වරයා පෙන්වා දී ඇත.

‘කටාර් සංවර්ධන පදනම’ ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක මුදලක් ණය සඳහා වෙන් කර ඇත. ඒ, ටියුනීසියාවේ සිදු කෙරන ඉතා වැදගත් ආයෝජන ව්‍යාපෘති රැසක් වෙනුවෙනි.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික බල ගැන්වීම් මෙම ව්‍යාපෘති අතරට අයත් වන බවත්, සියලුම ආයෝජන වැඩසටහන් කටාරයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, ‘කටාර් රාමුව’ තුළ ක්‍රියාවට නැංවෙනු ඇතැයි ද පැවැසෙයි.

(ද පෙනින්සියුලා ඇසුරිනි)


RECOMMEND POSTS