‘කුවේට් එයාර්වේස්‘ ගුවන් ගමන් තවත් පුළුල් වේ



තම ගුවන් යානා බැංකොක්, රෝමය, මැනිලා සහ පැරීසියට ඍජු ගුවන් ගමන් ආරම්භකර ඇති බව කුවේට් ගුවන් සමාගම පවසයි

මෙය 2016 ඔක්තෝබර් 30දින සිට ක්‍රියාත්මක වේ. 

මේ අනුව කුවේට් ගුවන් සමාගම ගමනාන්ත 36ක සදහා ගුවන් මගීන් රැගෙන යනු ලැබේ.

මෙය කුවේට් ගුවන් සමාගමේ වසර 5ක උපායමාර්ගික සැලසුම් වල එක් අංගයක් බවත් ගුවන් මගීන්ට කිසිදු අපහසුතාවයකින් තොරව නිවාඩු ගතකිරීම සහ ව්‍යාපාරික කටයුතු සදහා අදාල රටවලට පියාසර කිරීමේ හැකියාව මෙමගින් ලැබෙන බව ගුවන් සමාගම පවසයි.

මේ අනුව නව ගුවන් ගමන් වාරයන්ගේ වේලාවන් අලුතින් ඉදිරිපත් කරන බව කුවේට් ගුවන් සමාගමේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී, රෂ් අල්-රවුමි ප්රකාශ කර සිටියේය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසර 2 ඇතුළත තම ගුවන් සේවයේ සේවාවන් ලබාගත් ගුවන් මගීන්ගේ 40% වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

 

 ජානක ප්‍රියදර්ශන ජයතිලක

(කුවේට් ටයිම්ස් ඇසුරෙනි)


RECOMMEND POSTS