සෞදියේ පැණිබීම සදහා 50%ක බද්දක්



 

2017 දෙවන කාර්තුවේ සිට පැණිබීම සදහා 50%ක බද්දක් පැනවීමට සෞදි රජය තීරණය කරයි. 

2017 අයවැය සැලැස්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පැවති සාකච්ඡාවේදි අලුතෙන් පැනවීමට නියමිත බද්ධ පිළිබදව දැනුවත් කරන ලදී.  

එම සාකච්ඡාවේදි වැඩිදුරටත් කරණු අනාවරණය කරන ලද අතර එහිදි දුම්කොළ සහ එහි ආශ්‍රිත නිෂ්පාදනයන්ට මෙන්ම ශක්ති ජනක පානයන් සදහා 100%ක බද්ධක් පැනවීමට තීරණය කර ඇත. 

36වන ගල්ෆ් සමුළුවේදි අනුමතකරන ලද ශරීර සෞඛ්‍යට අහිතකර නිෂ්පාදනයන් සදහා මෙම බදු පනවනු ලැබේ.

බදු අයකල හැකි නිෂ්පාදන ලැයිස්තුවට සෞදි අරාබියේ දියවැඩියාව හා තරබාරු අනුපාතය සීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතුවන පැණි බීම වර්ග හා ආහාර නිෂ්පාදන ඇතුළත් කිරීම දක්වා පුළුල් විය යුතුය.

 

 


RECOMMEND POSTS