සෞදි තෙල් සමාගම චීනය සමඟ ආයෝජන ඇති කර ගනී



සෞදියේ අරම්කෝ තෙල් සමාගම සහ චීන රජය අතර ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් වටිනා ගිවිසුම්වලට අත්සන් තැබුණු බව චීන රජයේ පුවත් සේවා වාර්තා කරයි.

මෙම නව ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුවූයේ, සෞදි කුමරුන්ගේ චීන සංචාරය අතරතුරේය. සෞදි කුමරුන් සමඟ සෞදි ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් පමණක් නොව, ව්‍යාපාරිකයෝ ද චීනයට පැමිණ සිටිති.

ආයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු, චීන ජනාධිපති ෂී ජින්පින් සහ සෞදියේ සල්මාන් කුමැන් අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS