සෞදි කතක් ඉහළ පුටුවකට



සෞදි ජාතික ගුවන් සේවයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට කාන්තාවක් පත් කර ඇති බව වාර්තා වේ.

බනාන් බින්ට් සවුඩ් අල්-මල්ක් අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක් වෙයි.

සෞදි අරාබිය දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ රටක් වන අතර මෑත කාලයේදි වැඩි රැකියා ප්‍රමාණයක් කාන්තාවන්ට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටියි.

ගුවන් සේවයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර කාන්තාවකට ලබාදීමට ගුවන් සමාගම කටයුතු කිරීම සෞදි කාන්තාවන් ලැබූ සුවිශේෂ ජයග්‍රාහණයක් ලෙස හැඳින් විය හැකි ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS