සෞදි ඇරම්කෝ සමාගමේ වටිනාකම ඉහළ යයි



ජාතික ඉන්ධන සමාගම වන ඇරම්කෝ සමාගම ගෙවන බදු නවතා දැමීමට සෞදි අරාබි පාලනය තීරණය කර ඇත.මෙම තීරණයත් සමඟ සෞදි ඇරම්කෝ සමාගමේ වටිනාකම ඩොලර් ටි්‍රලියනක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ අනවැකි පළ කරති.
 
ඇරම්කෝ සමාගමේ මූලික මහජන කොටස් නිකුත-ුව කිරීමට නියමිත අතර ලොව විශාලතම නිකුතුවන වනු ඇතැයි ද පැවසේ. ඇරම්කෝ සමාගමේ බදු අනුපාතය සියයට 85 සිට සියයට 50ක් දක්වා කපා හැරෙන බවත් එය ලබන වසරේ පැවැත්වූම නියමිත මූලික මහජන නිකුතුවට පෙර තබන පියවරක් යැයි ද සෞදි රජය සඳහන් කරයි. ලබන වසරේ පැවැත්වෙන සමාගමේ මූලික මහජන නිකුතුවේදී සමාගමේ කොටස්වලින් සියයට පහකට ආසන්න ප්‍රමාණයක් විකිණීමට නියමිතය. 
 
රොයිටර්

RECOMMEND POSTS