සෞදි අරාබියෙන් නව මුදල් නෝට්ටු



සෞදි අරාබිය නව මුහුණුවරකින් යුත් මුදල් නොට්ටු හඳුන්වා දීමට සූදානම් වෙයි. ඒ අනුව දෙසැ:13වන (අගහරුවාද) දින රියාද් නුවර පිහිටි සෞදි අරාබි මූල්‍ය අධිකාරී (සමා) මූලස්ථානයේදි ඒවා එළි දැක්විමට නියමිතය.

මෙම උත්සවය සදහා සහභාගි වන ලෙස මූල්‍ය නියාමකවරයා විසින් සියලුම මාධ්‍ය ආයතනවලට අරාධනා කර ඇත.

මෙම උත්සවයට සහභාගිවීම සදහා නිර්මාණය කළආරාධනා පත්‍ර මුද්‍රණය කර ඇත්තේ අලුතින් හදුන්වාදෙන මුදල් නොට්ටුවල ආකෘතියට අනුව සහ විවිධ හැඩතල සහ ෙසෟදි අරාබි මුල්‍ය අධිකාරියේ (සමා) ලාංඡනයද මෙයට එක්කර ඇත.

මෙම මුදල් නොට්ටු භාවිතයට සදහා පැම්ණෙන දවස දැනුම්දීමට බලාපොරොත්තු වන බව සෞදි අරාබි මුල්‍ය අධිකාරියේ (සමා) නිලධාරීහු ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත්, තතුදත් ආරංචිමාර්ග වලට අනුව මෙම මුදල් නෝට්ටු ලබන වසරේදී හෝ ඊට දවස් කීපයකට කලින් භාවිතයට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම මුදල් නොට්ටුවේ මක්කමේ පිහිටි මහා පල්ලිය සහ මදිනාහි පිහිටි ආධ්‍යාත්මික නායකයාගේ පල්ලියද යොදා ඇති අතර පුරාවිද්‍යාත්මක ස්ථාන සහ සංවර්ධනය පිළිබිඹු කරනු ලබන ස්ථාන යොදගනිමින් මෙම නව මුදල් නොට්ටුව වර්ණවත් වී ඇත. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS