සෞදි - ඉරාන කඹ ඇදිල්ලෙන් තෙල් මිල පහළට



සෞදි අරාබිය හා ඉරානය අතර තිබෙන කඹ ඇදිල්ල හේතුවෙන් මේ සතියේදීත් තෙල් මිල ගණන් නැවත වරක් පහළ ගියේය. අසල්වැසි රටවල් අතර තිබෙන මෙම මත ගැටුම් හේතුවෙන්  තෙල් අපනයන කරන රටවල (ඔපෙක්) තෙල් නිෂ්පාදනය කිරීම සඳහා පැවත්වෙන සාකච්ඡා ද අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි පැවසේ. 
ඉරානයත් සෞදි අරාබියත් අතර කලාපීය අර්බුද සම්බන්ධයෙන් ඇති මත ගැටුම් හේතුවෙන් මේ මස පැවැත්වීමට නියමිත ඔපෙක් හි ප්‍රධාන සාකච්ඡා සාර්ථක නොවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය හා සෞදි අරාබිය තෙල් අපනයන කරන රටවල (ඔපෙක්) සංවිධානයේ ප්‍රධාන සාමාජිකයෝ ද වෙති. % සෞදි අරාබිය මේ වනවිට දිනකට තෙල් බැරල් මිලියන 10.7ක් නිෂ්පාදනය කරන අතර එය තවදුරටත් වැඩි කරන බවට ඔවුන් ප්‍රකාශ කර ඇත. 

“සෞදි අරාබිය දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල් සංඛ්‍යාව මිලියන 11ක් දක්වා වැඩි කරන බවට තර්ජනය කර තිබෙනවා. එමෙන්ම ඔපෙක් රැස්වීමෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කර තිබෙනවා” යැයි ඔපෙක් ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.


RECOMMEND POSTS