සෞඛ්‍ය සේවා කීපයකට බදු



අබුඩාබි සෞඛ්‍යායතනයන් සපයනු ලබන සෞඛ්‍ය සේවාවන් කීපයකට එකතු කළ අගය මත බදු (වැට්)අය කිරීමට අබුඩාබි බලධාරීන් සැළසුම් සකස් කරමින් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

2018 ජනවාරි 01 දින සිට සෞඛ්‍ය සේවවන් කීපයකට 5% බද්ධක් ක්‍රියාත්මක කරන බව නිවේදනයක් මඟින් බලධාරීන් ප්‍රකාශ කර ඇත. 

බදු මුදල් අයකර ගන්නා ආකාර පිළිබඳව සියළුම සෞඛ්‍ය ආයතනයන් දැණුවත් කිරීමට අබුඩාබි සෞඛ්‍ය අධිකාරි කාර්යාලයේ වැඩබලන උප-ලේකම්,  මොහොමඩ් හමාඩ් අල්-හම්ලි චක්‍රෙල්ඛනයක් නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS