සිගරට් මිල 30% ඉහළ



කුවේට් වානිජ අමාත්‍යාංශය, සිගරට් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවකින් පසු සිගරට් මිල 20% සිට 30% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

සිගරට් මිල වැඩි නොකර පවතින මිලටම වැඩිපුර බදුඅයකිරීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

ආනයනික සියලුම සිගරට් සහ දුම්කොළ අතුරු නිෂ්පාදනයන් තහනම් කිරීමට වානිජ අමාත්‍යාංශය සැළසුම් කර ඇති බවට වාර්තා වේ.

කුවේටයේ ඇති වී ඇති විශාල සිගරට් හිඟය හේතුවෙන් ආනයනකරුවන් 60%කින් සිගරට් මිල වැඩි කිරීමට වානිජ අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

සිගරට් හිඟය හේතුවෙන් විශාල ලෙස විදේශ රටවලින් හොර රහසේ සිගරට් ගෙන ඒමට විවිධ පුද්ගලයන් කටයුතු කරනු ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS