සිංගප්පූරුව ඩිජිටල් මූල්‍ය ක්‍රමයකට



සිංගප්පුරුව බැංකු ගෙවීම් පහසු කිරීමට නව ඩිජිටල් මුල්‍ය ක්‍රමයක් පරීක්ෂා කරයි

සිංගප්පුරු මහ බැංකු ප්‍රධානියා බදාදා ප්‍රකාශකර සිටියේ නව බැංකු ගෙවීම් පහසුකිරීම සදහා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක්‍රමයක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට යන බවයි.

ඔවුන් මේ සදහා යොදාගන්නනේ “බ්ලොක් චේන් තාක්ෂණයයි“. මෙම ඩිජිටල් මුල්‍ය තාක්ෂණය 2009 වර්ෂයේදී බැංකු කේෂත්‍රයට හදුන්වා දී ඇත්තතේ.

මෙම තාක්ෂණය හරහා ආරක්ෂිතව බැංකු ගණුදෙනු සිදුකල හැකිය. 

මෙම ක්‍රමය අත්හදාබැලීම සදහා සිංගප්පුරු කොටස් වෙළදපල සහ එරට බැංකු අටක් සහභාගිවීමට නියමිතයි.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. 

සිංගප්පූරු මූල්ය අධිකාරිය (මාස්) සමාගමේ ප්රධාන විධායක නිළධාරී රවී මෙනන් සිංගප්පූරු “ෆින්ටෙක්“ උළෙලේ දී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර සිටියේය.

මෙම ක්‍රමය සාර්ථකවුවහොත්, ඊලග පියවර වශයෙන් විදේශය මුදල් සදහාද භාවිතා කිරීම සදහා හදුන්වාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS