සැම්සුන් නිෂ්පාදන 5 ක්



සැම්සුන්ග් සමාගමේ නවතම නිෂ්පාදන පහක් කොළඹ දී හඳුන්වාදෙන ලදි.

වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය යන දෙඅංශයම ආවරණය පරිදි නිර්මාණය කෙරුණු මෙම නිෂ්පාදන කොළඹ ගාලු මුවදොර හෝටලයේ පසුගියදා පැවැති උත්සවයකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන්නේය.

‘ගැලැක්සි නෝට් 20, නෝට් 20 අල්ට්‍රා 5ජී යන ස්මාර්ට් ජංගම දුරකතන ද්විත්ය, ගැලැක්සි ටැබ් එස් 7 සහ එස් 7 ප්ලස් යන ටැබ් පරිගණක ද්විත්වය, ගැලැක්සි බඩ්ස් ලයිව් සහ බඩ්ස් ප්ලස් සහ ගැලැක්සි වොච් 3 මෙලෙස කොළඹ දී හඳුන්වා දෙන ලදි.

සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යූ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම් සිදු කෙරුණි. සැම්සුන්ග් ශ්‍රී ලංකා හි ප්‍රධාන කළනාකාර- නිෂ්පාදන කළමනාකර තුෂාර රත්නවීර මහතා මෙහිදි මෙම නව නිෂ්පාදිත සම්බන්ධයෙන් හැඳින්වීමක් ද කළේය.

ගැලැක්සි නෝට් 20, නෝට් 20 අල්ට්‍රා 5ජී යන ස්මාර්ට් ජංගම දුරකතන ද්විත්ය පෙර වෙන් කරවා ගැනීම් සඳහා විවෘත කරන බව ද සැම්සුන්ග් ශ්‍රී ලංකා සමාගම මෙහිදි සඳහන් කළේය.

නිෂ්පාදන විස්තරය,

“ ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස ප්‍රකට Samsung විසින් 5G තාක්ෂණය සූදානම්ව ඇති වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය සඳහා ගැළපෙන අසමසම ස්මාර්ට් ජංගම දුරකථන වූ තම ප්‍රමුඛපෙළේ Galaxy Note20 සහ Galaxy Note20 Ultra යන දුරකථන දෙක ඉකුත් දා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ඒ Samsung හී අලුත්ම Note series  මඟින් පෙර ඔබ වැඩ කළ පිළිවෙළ හාත්පසින්ම වෙනස්කරයි. එසේම මෙහි ඇති S Pen සහ අසමසම Samsung Notes feature හරහා ඕනෑම තැනක දී ඕනෑම වෙලාවක දී ඔබේ වැඩ පහසුවෙන් කරගැනීමේ හැකියාව ලබාදෙයි. Samsung වෙතින් සෑම Note20 Ultra මිලදී ගැනීමකටම Buds Live සහ සෑම Note20 මිලදී ගැනීමකටම Galaxy Buds+ නොමිලේ ලබාදෙයි. මෙම දුරකථන යුගලය නව Mystic පැහැයකින් සහ soft neutral tones එකක් ඇති වෙනස්වෙන නවීන විලාසිතාවන්ට ගැළපෙන ආකාරයේ අසමසම නිමාවකින් සහ හැඩයකින් යුක්තව ඇඟිලි සලකුණු සහ smudges ඇති නොවන ආකාරයේ මතුපිට haze effect එකක් ඇතිව ද නිර්මාණය කර තිබේ. 

“Note Galaxy මාදිලියට ආදරය කරන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. වෙන කිසිම ෆෝන් එකකින් නොලැබෙන අසමසම බලයක් සහ කාර්යක්ෂමතාවක් මෙම දුරකථන මඟින් ලබාදෙන නිසා ඔවුන් තමන්ගේ Note දුරකථන සෑම අවුරුද්දකම upgrade කරනවා. Galaxy Note20|Galaxy Note20 Ultra 5G දුරකථන හරහා බලය සහ කාර්යක්ෂමතාව පෙර නොවූ විරූ ඉහළම තලයකට ගෙනත් තියෙනවා, එමගින් සබඳතා පවත්වා ගන්නා ගමන් තමන්ගේ කාර්යන් උසස් මට්ටමකින් කරගෙන යාමටත් online ගේම්ස් ආදී විනෝදාස්වාදය ලැබෙන දේවල් උපරිමයෙන් සිදුකිරීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීලා තියෙනවා. මේ අවුරුද්දේ දී අපි අපේ 5G සූදානම් ප්‍රථම ස්මාර්ට් දුරකථන දෙක වන Galaxy Note 20 Ultra 5G සහ Note20 5G දුරකථන දෙක ශ්‍රී ලංකාව තුළ අලෙවියට නිදහස් කරන්න කටයුතු කළා.” යැයි Samsung Sri Lanka හී කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යූ (Kevin YOU) මහතා පැවසීය.

දැනට ඇති වඩාත් ප්‍රබලම Note Series එක Galaxy Note20 and Note20 Ultra

මෙම series එක වර්ග දෙකකින් පැමිණෙයි ; බලය සහ කාර්යක්ෂමතාවේ අපිරිමිත හැකියාවන් අපේක්ෂා කරන නෝට් රසිකයන් වෙනුවෙන් Galaxy Note20 Ultra නිර්මාණය කර ඇත. එසේම වෘත්තීය කාර්යයන් සහ විනෝදාස්වාදයට කැමති පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගිකයන් පිරිසක් වෙනුවෙන් Galaxy Note20 නිර්මාණය කර ඇත. දෙකම උපරිම කාර්යක්ෂමතාවයෙන් ප්‍රබල බලයකින් වැඩ කිරීමට නිමවා ඇති අතර ඒ නිසා ඔබට ඔබේ ජීවිතය විඳින්නට සහ විනෝද වෙන්නට වගේම කාර්යක්ෂම ජීවිතයක් ගතකරන්නටත් අවස්ථාව ලැබෙනවා.

Galaxy Note20 series හී වැඩි දියුණු කළ S Pen මඟින් ලැබෙන අසමසම writing experience එක නිසා මෙය Note රසිකයන් අතර වඩාත් ජනප්‍රියවනු ඇත. Samsung Notes app වල වැඩිදියුණු කළ auto-save සහ syncing හැකියා හරහා ඔබේ අදහස් වඩාත් හොඳින් capture කරගැනීමට, edit කිරීමට සහ share කරගැනීමට උදව් වේ. Microsoft’s ‘Your Phone’ app එක Link to Windows පහසුකම සමඟ සංකලනය වීම නිසා දැන් ඔබට ඔබේ Windows 10 පරිගණකය සමඟ ඉතාම පහසුවෙන් ස්මාර්ට් දුරකථනය සම්බන්ධ කරගත හැකි අතර කිසිදු අවහිරයකින් තොරව උපාංග දෙක හරහා ඕනෑම කාර්යයක් සිදුකර ගැනීමේ හැකියාව ද උදාවේ. උපාංග දෙකම අවහිරයකින් තොරව සහසම්බන්ධ වී කාර්ය කිරීමේ පහසුව පාරිභෝගිකයන් වෙත උදාකර දීමට හැකිවූයේ Samsung සහ Microsoft අතර දිගු කාලයක් පැවති සම්බන්ධයේ ප්‍රතිඵලය නිසාවෙනි.

බලය සහ කාර්යක්ෂමතාවය සඳහා ප්‍රචලිතව ඇති Galaxy උරුමය

ඔබේ ස්මාර්ට් දුරකථනය අසමසම Gaming package එකක් බවට පරිවර්ථනය කරගන්න ; Flagship level එකේ processor (7nm), game booster සහ responsive 120Hz display එක ඇති නිසා ඔබේ ගේමිං අත්දැකීම පෙර නොවූ විරූ අසමසම තලයකට ඉහළ නැංවීමට මෙයට හැකිවේ. Note series වලට ප්‍රථම වතාවට හඳුන්වාදෙන දීප්තිමත් Dynamic AMOLED 2X display එක නිසා Galaxy Note20 Ultra 5G දුරකථනයට ඉතා සුපැහැදිලි වර්ණ හැකියාවක් ලැබෙන අතර එහි adaptive 120Hz refresh rate එක මඟින් ලැබෙන සුමට වර්ණ තීව්‍රතාවය පිරි දර්ශන හැකියාව නිසා දැනට වෙළෙඳපොළේ ඇති හොඳම දුරකථන screen එක ලෙස මෙහි screen එක සැලකිය හැක. දැනට ස්මාර්ට් ජංගම දුරකථනයක් සතු දැඩිම ග්ලාස් ඩිස්ප්ලේ එක ලෙස හැඳින්විය හැකි Corning Gorilla Glass Victus එක සහිතව Galaxy Note 20 Ultra දුරකථනය හඳුන්වාදී තිබේ. සිය අසමසම බලය සහ වැඩිදියුණු කළ විශේෂාංග නිසා දැනට ඇති උසස්ම දුරකථන මාදිලිය ලෙස නව Galaxy Note 20 දුරකථන යුගලයේ හඳුන්වාදීම සැලකිය හැක. ඡායාරූප ලබාගැනීමේ විශිෂ්ට හැකියාව ඇති තාක්ෂණය, දියුණු සිනමාරූපී හැඩයකට වීඩියෝ ගැනීමේ හැකියාව සහ ඉහළ කාර්යක්ෂම බහු කාර්ය හැකියාව ඇතුළු විශිෂ්ට විශේෂාංග රැසක් එකට එක්කරමින් හඳුන්වාදෙන මෙම Galaxy Note 20 දුරකථන යුගලය දැනට වෙළෙඳපොළේ ඇති ප්‍රබලතම දුරකථන ලෙස සැළකිය හැක.

5G ( ශ්‍රී ලංකාව තුළ 5G ජාල සබඳතා නිල වශයෙන් විවෘත කිරීමෙන් පසු) හරහා අවශ්‍ය කාර්යය වේගවත්ව හා කාර්යක්ෂමව කරගැනීමට Samsung’s Galaxy 5G leadership එක මඟින් ඔබට පහසුකම් සපයා දී තිබේ. Samsung Knox, Samsung’s mobile security platform වලට ස්තුතිවන්ත වන්නට Galaxy Note20 series එකේ hardware සහ software සියල්ලටම මනා ආරක්ෂාවක් ලැබෙන නිසා end-to-end ආරක්ෂාවක් ලැබෙන බව ඔබට ඉහළ විශ්වාසයකින් යුතුව සහතික කරගත හැක.

නොමිලේ Galaxy Buds live හෝ Galaxy Buds+ එකක් ලබාගැනීමට පෙර ඇණවුම අදම කරන්න

පහසුවෙන් හඳුනාගැනීම සඳහා සාප්පුව ඉදිරියේ Samsung සන්නාම පුවරුවක් සහිත, දිවයින පුරා විසිරී සිටින Softlogic Mobile බෙදාහැරීම් ජාලය සහ John Keells Office Automation බෙදාහැරීම් ජාලයට අයත් අලෙවිසැල්වලට ගොස් අගෝස්තු 14වැනිදා සිට 28වැනිදා දක්වා Galaxy Note 20 Ultra සහ Note 20 දුරකථන පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. එමෙන්ම අපගේ බලයලත් නියෝජිතයන්වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro ශාඛා ජාල හරහා ද Dialog සහ Mobitel සන්නිවේදන ජාල සහකරුවන් හරහා ද ඔන්ලයින් ඔස්සේ Samsung E-Store, Daraz.lk, MySoftlogic.lk සහ mcentre.lk වෙත පිවිසි ද මෙම දුරකථන පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව හිමිවේ. Galaxy Note20 පෙර ඇණුවම් කරන පාරිභෝගිකයන්ට නොමිලේ Galaxy Buds+ එකක් ලබාගැනීමේ අවස්ථාව ද Galaxy Note20 Ultra පෙර ඇණවුම් කරන පාරිභෝගිකයන්ට නොමිලේ Galaxy Buds Live එකක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දී ඇත. Note20 Ultra දුරකථනය Mystic Bronze සහ Mystic Black වර්ණයෙන් ද Galaxy Note20 දුරකථනය Mystic Bronze, Mystic Green සහ Mystic Gray වර්ණයෙන් වෙළෙඳපොළට පැමිණෙයි.

සඳුදා සිට ඉරිඳා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා දීර්ඝ කළ සේවා කාලය සහිත අපේ ක්ෂණික ඇමතුම් අංකය අමතා පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනෑම සහයක් ලබාගත හැකි අතර පැය විසිහතර පුරාම ඔන්ලයින් ඔස්සේ ක්‍රියාත්මකවන Samsung Members අවකාශය වෙත තමන්ගේ ප්‍රශ්න යොමුකර පාරිභෝගිකයන්ට එසැණින් විසඳුම් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබේ.”

ඡායාරූප : ප්‍රදීප් පතිරණ
හර්ෂණ තුෂාර සිල්වා

RECOMMEND POSTS