සැප නැව්වලින් 71,000 ක් ඇවිල්ලා



කෲස් නෞකා මඟින් පසුගිය පෙබරවාරි මාසයේ සංචාරකයින් 71,000ක් ඕමානයට පැමිණ ඇති බව ඕමාන සංඛ්‍යාලේඛණ හා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඕමානයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරකයන්ට විනෝදයෙන් කාලය ගත කිරිම සඳහා විශාල ව්‍යාපෘති ගණනාවක් ඕමාන තුල ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල සංචාරකයින් ප්‍රමාණයක් ඕමානයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

ජලක්‍රීඩා, කිමිදුම්, ජලය මත ලිස්සායෑම සහ සාම්ප්‍රදායික බෝට්ටු සවාරි කෲස් නෞකාවලින් පැමිණි සංචාරකයන්ගේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS