ස්මාර්ට් විදුලි මීටර් මිලියන 2.5ක්



සෞදි පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් සහ විදුලි පරිභෝජනය නිවැරදිව ගණනය කිරීමේ අරමුණින් සෞදි විදුලි සමාගම ස්මාර්ට් විදුලි මීටර් මිලියන 2.5ක් ඉදිරි අවුරුදු කීපයේ සවිකරන බව වාර්තා වේ.

මාර්ට් විදුලි මීටර් නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ කාර්මාන්ත ශාලාවලට සවිකිරීමට නියමිතිව ඇති බව සෞදි විදුලි සමාගම ප්‍රකාශ කළේය.  

පළමු අදියරය තව මාස දෙකක් ඇතුලතදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අයථා විදුලි පිරිභෝජනය වැළැක්වීම අපේක්ෂා කරන බවත් වසර පහක් ඇතුලතදී එකම ජාලයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS