ස්නැප්චැට් භාවිතයෙන් අංක එකට



ලෝකයේ ස්නැප්චැට් මෘදුකාංගය වැඩිපුරම භාවිතා කරන රට ලෙස සෞදි අරාබිය පෙරමුණේ පසුවන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

දිනපතා මිලියන 8.2ක් මෘදුකාංගය භාවිතා කරන බව ස්නැප්චැට් සමාගම නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇති බව වෙබ් අඩවිය වාර්තා කළේය.

ලෝකයේ දෛනිකව වැඩිපුරම භාවිතා කරන නගර ලෙස රියාද් සහ ජෙඩා ඉහලින්ම සිටින බව සමාගම ප්‍රකාශ කළේය. 

වයස අවුරුදු 13-35 අතර පුද්ගලයින් ස්නැප්චැට් මෘදුකාංගය වැඩිපුරම භාවිතා කරන අතර සෞදි අරාබියේ සමස්ථ පරිශීලක සංඛ්‍යාවෙන් 85%ක් නියෝජනය වේ.

ස්නැප්චැට් මෘදුකාංගය භාවිතය වැඩිවීමත් සමඟ පවුල් ආරවුල්, දික්කසාද වීම් සහ කප්පම් ලබාගැනීම් වැඩි වී සමාජ ප්‍රශ්න විශාල ලෙස වැඩි වී ඇති බව වෙබ් අඩවිය පෙන්වා දෙයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS