සහනාධාරයට 130,000 ලියාපදිංචි වෙලා



ඕමාන රජය 2018 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ඉන්ධන සහනාධාර වැඩපිළිවෙලට පුද්ගලයින් 131,363ක් දෙසැම්බර් 27 දින වනවිට ලියාපදිංචි වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ධීවරයින් 1,019ක් ලියාපදිංචි ඇති ඕමාන බලධාරීන් ප්‍රකාශ කළේය.

ලියාපදිංචි වන පුද්ගලයින්ට තමන් කැමති තෙල් සමාගමක් තොරාගැනීමේ අවස්ථාව හිමිවන අතර ලියාපදිංචි වි ඇති පිරිසෙන් ඕමාන් ඔයිල් සමාගමට 51%ක් සහ ෂෙල් ඕමාන් සමාගමට 17%කගේ කැමත්ත ලැබි ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS