සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු



එක්සත් අරාබි එමිරේට්ස් මහ බැංකුව එරට ක්‍රියාත්මක වන බැංකු, මුදල් හුවමාරු මධ්‍යස්ථාන සහ අනිකුත් මුල්‍ය ආයතනයන් වෙත ඉදිරියේදි එල්ල විය හැකි ග්‍රීන්බග් නැමති සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් චක්‍රෙල්ඛනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කර ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

පරිගණක පද්ධතිවලට එල්ල විය හැකි සයිබර් ප්‍රහාරයන් වලක්වා ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස චක්‍රෙල්ඛනය මඟින් එමිරේට්ස් මහ බැංකුව අදාල ආයතයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.  

ජනවාරි මාසයේ එල්ල කරන ලද ග්‍රීන්බග් නැමති සයිබර් ප්‍රහාරයට මැදපෙරදිග කලාපයේ පිහිටි රටවල් වල ගුවන් සේවා, බලශක්ති, අධ්‍යාපනික  සහ රජයේ ආයතනයන්  ඉලක්කය වු බව ප්‍රති-වෛරස මෘදුකාංග නිෂ්පාදනයේ ප්‍රධාන ආයතනයක් වන සිමැන්ටෙක් ආයතනය ප්‍රකාශ කළ බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS