සංචාරයන්ට 13.9ක් වියදම් කරලා



කුවේට් ජාතිකයන් සංචාරය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 13.9ක් (ඩිනාර් බිලියන 4.03) 2018 වර්ෂයේ වියදම් කර ඇති බව වාර්තා වේ.

2017 වර්ෂයට සාපේක්ෂව 17.6%ක වර්ධනයක් බව කුවේට් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

කුවේට් රාජ්‍ය 2017 වසරේ සංචාරක කර්මාන්තයෙන් ලැබු ආදායම කුවේට් ඩිනාර් 423 වන අතර 2018 වනවිට ඩිනාර් මිලියන 378 දක්වා පහත වැටී ඇත.

කුවේට් රාජ්‍යය සංචාරක කර්මාන්තය,සංචාර හා විනෝදාත්මක කටයුතු සඳහා වාර්ෂික ආදායමෙන් 11%ක් වියදම් කරන බව ලෝක සංචාරක සංවිධානය සිදුකරන ලද අධ්‍යයනයකින් සොයාගෙන ඇත.

ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් කුවේට් රාජ්‍යය පෙරමුණේ පසුවන අතර සෞදි අරාබිය 7%ක්ද, කටාර් රාජ්‍යය 5.7%ක්ද, ඕමානය 3.3%ක් සහ බහරේන් රාජ්‍යය 2.1ක් සිය වාර්ෂික ආදායමෙන් වියදම් කරන බව ලෝක සංචාරක සංවිධානය පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS