සංචාරකයින් දෙගුණයකින් වැඩි වෙයි



කරීෆා උත්සව සමය තුලදී ඩොෆාර් නගරයට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය දෙගුණයකින් වැඩි වී ඇති බව ඕමාන් සංඛ්‍යාලේඛන තොරතුරු ජාතික මධ්‍යස්ථානය එළිදක්වන ලද නවතම දත්තයන්ට අනුව පැහැදිල වන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් ප්‍රවෘත්ති අඩවිය වාර්තා කළේය.

2016 වර්ෂය හා සංසන්දනය කරන විට 117%ක වර්ධනයක් සිදු වී ඇති අතර 2017 ජුනි 25 දින වන විට ඩොෆාර් නගරයට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 11,482ක් බව සංඛ්‍යාලේඛන තොරතුරු ජාතික මධ්‍යස්ථානය (NCSI) පෙන්වා දෙයි.

2016 වසරේ සංචාරකයින් 5,292ක් පැමිණ ඇති බව සංඛ්‍යා දත්ත අනුව පැහැදිලි වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS