ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේතුයට ඉරානයේ උනන්දුව



ශ්‍රී ලංකාවේ ඇගළුම් ක්ෂේත්‍රෙය්  ආයෝජනය කිරීම සඳහා ඉරානයේ පුද්ගලික අංශය උනන්දුවක් දක්වන බවද  ඉරාන ව්‍යවසායකයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට  දන්වා ඇත.
ඉදිරියේ දී ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමග අදාළ ක්ෂේත්‍රයන්ගේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසු වන බව ඉරාන ව්‍යවසායකයින් පිරිසක්  පසුගියදා ඉරානයේ නිල සංචාරයක නිරත වූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ව්‍යවසායකයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඔවුහු අමාත්‍ය දයා ගමගේ මහතා හමුවේ කියා සිටියහ.

මේ අතර, මෙරට නිෂ්පාදනය කරන විසිතුරු මසුන් ඉරානයට අපනයනය කිරීම සඳහා ඉරානය තුළ නිශ්චිත වෙළෙඳපොළ කෝටාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කිරීමට අදහස් කරන බව මෙහිදී අදහස් දැක්වූ ඉරාන බලධාරීන් සඳහන් කර තිබේ.

සේද මාවතේ පිහිටි තීරණාත්මක රටක් වන ශ්‍රී ලංකාව ව්‍යාපාරික හා අයෝජන කටයුතු සඳහා සුදුසු භූමියක් බවත්, එහි වැදගත්කම උපයෝගී කර ගනිමින් කලාපීය වශයෙන් අත්කර ගත හැකි ප්‍රතිලාභයන් සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදී අදහස් දැක්වා ඇත. 

එහිදී දයා ගමගේ මහතා, ඉරාන ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට, ආයෝජකයින්ට හා ඉරාන රජයේ දූත මණ්ඩලවලට ආරාධනා කර සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හා මෙරට සමග වෙළෙඳ සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. ඒ සඳහා මෙරටට පැමිණෙන ලෙස ද එතුමා එම පිරිසෙන් ඉල්ලීමක් කළේය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS