ශක්තිමත් රාජ්‍යයක් කරන්න ඕනෑ



සෞදි අරාබිය ශක්තිමත් රාජ්‍යයක් කිරීමට සෞදි රජුට අවශ්‍ය වී ඇති බව ස්විස්ටර්ලන්තයේ ලෝක ආර්ථික සමුළුව අමතමින්සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ඇඩෙල් අල්-ජබීර් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

“අපේ ආර්ථිකය මන්දගාමීව ගමන් කරනවා කියලා ගොඩාක් විවේචන තියනවා, අපිට අපේ විදේශ ප්‍රතිපත්ති එකක් වැඩ කරන්න වෙනවා.’’ යනුවෙන් විදේශ අමාත්‍යවරයා සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත.

රටවල් රැසක රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් මෙන්ම ලෝකයේ ඉහළ පෙළේ දේශපාලන නායකයින්ගේසහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නගරයේදි ආර්ථික සමුළුව සිකුරාදා තෙක් පැවැත්වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS